උතුරු මැද පළාත


ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ.

ලක්වැසි බෙ‍‍ද්ධයන්ගේ අතිගෙරවාදරයට පත් පුජනීය වස්තුවක් වන ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. දේවාවම් පියතිස්ස රජ සමයේ මිහිදු මාහිමියන්ගේ මග පෙන්වීම මත සංඝමිත්තා මෙහෙණින්වහන්සේ විසින් දඹකොළ පටුනෙන් ගොඩබැස තිවක්ක ග්‍රාමය හරහා මහත් පෙරහරින්  වඩමවා මහමෙව්නා උයනේ රාං ද්වාරය පිහිටි තැන රෝපිත බව මහා වංශයේ සඳහන් වේ. අවු 2500 කට වඩා පැරණි එකම පුජනීය වෘක්ෂය මෙයයි.

බෝධ් රෝපණ අවස්ථාවේ ඉන් අංකුර අටක් ආශ්චර්යමත් ලෙස පැන නැගුණ බව ද ජල සැපයුම සඳහා තිසා වැවේ සිට ජල මාර්ගයක් වු බව ද ජලය රැස් කිරීම ලෝවාමහාපාය අසල පොකුණක් වු බව ද මහා වංශයේ සඳහන් වේ.බෝධි රෝපීත සතරැස් මලුව වටා සතර දිසාවට දොරටු ඇති ප්‍රාකාරයක් ද පළමුව සලපතල මලුව ද දෙවනුව වැලි මලුව ද විය. පසුකල දකුණු දොරටුවේ ශිලා සිංහමතයක් හා සිව් කොනේ ධර්ම චක්‍ර යෙදු කුලුණු සතරක් විය.(ක්‍රි.ව 560-564) මහානාග රජතුමා මලුව වටා දිය අගලක් තනා ඇත. බෝධි මලුව වටා දැන් දක්නට ඇති පවුර කීර්ති ශ්‍රි රජසිංහ (ක්‍රි.ව 1747-1782) සමයේ බෝධිභාරකාරත්වය දෑරු ඉලුපැන්දෙණියේ නම් (අත්තදස්සී) හිමියන් විසින් අවට ස්මාරක වලින් ගෙනා ගලුකණු වලින් නිම වුවකි. උතුරේ සිට නැගෙනහිරට අඩි 360 ද නැගෙනහිර සිට බටහිරට අඩි 270 ක් වන මෙහි ඝණකම අඩි පහකි.

බෝධිය හා සම්බන්ධ ගෘහ නිර්මාණ අංශය බෝධිඝරයයි. ආරම්බයේ සිට විවිධ රජවරු විවිධ එකතුවීම් කරමින් ප්‍රතිසංස්කරණය කර ඇත. ශ්‍රි මහා බෝධීන්වහන්සේ බෝධිඝරයට ජෙඨිටාතිස්ස රජතුමා (ක්‍රි.ව 267-276) තොරණ 03ක් ඉදිකර ඇත. ධාතුසේන රජු (ක්‍රි.ව 461-479) ද දේවන සේන රජු ද (ක්‍රි.ව 866-901) එය ප්‍රතිසංස්කරණය කළත් අද දක්නට නැත. චීන ජාතික පාහියං හිමියන් පිළිමයක් සහිත විහාර ගෙයක් තිබු බව සඳහන් කරයි.බෝධිය වඩමවන විට පැමිණි ශ්‍රේණි දහඅටක ශිල්පීන් බෝධීය සම්බන්ධව විවිධ රාජකාරී වල නිරත වුවා. සිංහල බෝධී වංශය පදනම් කරගෙන 10 වන සියවසයේදී උපතිස්ස හිමියන් පාලි බෝධි වංශය ලියා ඇත. එය පදනම් කරගෙන බෝධීවංශ ටිකාව පාලියෙන් ලියා ඇති අතර ගැටපදයක්ද ,පරිකථාවක් ද අනුවාදනයක් ද සන්නයක් ද පසුව ලියා ඇත. දඹදෙණි යුගයේ ගුරැලුගෝමීන් ලියු ධර්‍මප්‍රදීපිකාව බෝධිය මුල්කොට ලියු ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති කුරැණැගල සමයේ දී සරණංකර හිමියන් හයට මධුරාර්ථ ප්‍රකාශනය නමින් සන්නසක් ලියා ඇත. බෝධීන් වහන්සේ පොලෝ මට්ටමින් අඩි 21ක් ඉහලින් දිගින් අඩි 71ක් හා පළලින් අඩි 57 ක් වු වේදිකාවක පිහිටා ඇත. පරිවාර බෝධීන් 41 කි. මලු ඇමදීම මල් ආසන හා විහාර ගේ පවිත්‍ර කිරීම බුද්ධ පුජා ආදිය දෛනික පුජාවෝය. අලුත් සහල් මංගල්‍යය හා නුමුර මංගල්‍යය පැරණි අවුරුදු මංගල්‍යය කාර්තික මංගල්‍යය ආදිය වාර්ෂික පුජාවෝය.

02. රුවන්වැලි මහා සෑය

ලක්වැසි ‍බෞද්ධයන්ගේ අති පුජනීයතම දාගැබ වන්නේ රුවන්වැලි මහා සෑයයි. ස්වර්ණමාලී , හේමමාලී, රත්නමාලී, මහාථුප ,ඌරුචේති යන නම් වලින් හැදින්වෙන මෙය මහා විහාර පාර්ෂවයේ ප්‍රධාන චෛත්‍යයි. ඊජිප්තුවේ පිරමිඩි වලට පසුව ක්‍රි.පු 2 සියවසේදී ලෝකයේ තනා ඇති විශ්ෂ්ට නිර්මාණයකි. මේ ඉදිකිරිම් පිළිබඳ පැහැදිලි විස්තර මහාවංශයේ හා ථුපාවංශයේ දැක්වේ. මිහිදු මාහිමියන් දේවානම් පියතිස්ස රජතුමාට මේ ස්ථානය සලකුණු කොට දී තිබුණ බවත් මෙහිදි විසාල තෙළෙඹු ගසක් කපා එහි වැඩසිටි වෘක්ෂ දේවතාවියගේ නම් වු ස්වර්ණමාලී යන නාමය මෙම සෑයට තැබු බවත් කියවේ. අත්තිවාරමම අඩි 17.5 ක් ගැඹුරු විය. අත්තිවාරම දැමීම පිළිබද මහා විස්තරයක් වංශ කථාවල දැක්වේ. මෙය ඉදිකිරීමේ ඉංජිනේරැමය උපදෙස් දීමට ඉන්ද්‍රගුප්ත මහ තෙරණුවන් ප්‍රමුඛ භික්ෂුන් 26 නමක් වු බව කියවේ. පාදයේ විශ්කම්භය අඩි 340ක් පමණ ද උස අඩි 300 ක් පමණ ද විය. දුටුගැමුණු රජතුමාට වැඩ අවසන් කරන්නට නොහැකි වු අතර දේවානම් පියතිස්ස රජතුමා වැඩ අවසන් කොට ඇත. ඉන්පසු විවිධ රජවරැ විවිධ ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු කරඇත. ක්‍රි.ව 1873 දී නාරංවිට සුමනසාර හිමියන් මේ ස්ථානයට පැමිණෙන විට එකම පස්ගොඩක් වුබව සඳහන් වේ. මහත් කැපවීමේන් මේ ස්ථානය දියුණු කිරීමට කැප වු උන්වහන්සේ 1902 දී රැවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය ඇරඹුහ. සෑයේ වැඩ අවසන්කොට කොත් පළඳවන ලද්දේ 1940 දී ධතුන්වහන්සේලා විශාල ප්‍රමාණයක් නිදන් කොට ඇති වාහල්කඩ සතරක් ඇති මේ සෑයේ විශ්කම්භය අඩි 942 ක් ද උස අඩි 338 ක් ද වේ. අතීතයේදී පාත්‍ර තිබුණත් දැන් ඇති චෛත්‍යයේ පාත්‍ර වෙනුවට ඇති කොත අඩි 24ක් උසය. වැලි මලුවේ සිට සලපතල මලුවත් සමග සෑය ඔසවා ගෙන සිටින ආකාරය පෙන්වන ඇත්පවුරකිත පැත්තක ඇත්රෑප 475 බැගින් 1900 ක් වේ. මලුවේ ඇති ප්‍රතිමා මන්දිරයේ මේ කල්පයේදී බුදු වු බුදුවරැන්ගේ හා මෙතේ බෝසතුන්ගේ රෑපය ඇති අතර සෑයේ ආකෘතිය දක්වා ශෛලමය කුඩා සෑයක් (දුටු ගැමුණු රජතුමාගේ ප්‍රතිමාවක්ද වේ)

03. ථුපාරාමය

මිහිදු මාහිමියන් ලක්දිව බුදු සමය හදුන්වා දී මෙහි ඉදිකළ පළමු සෑය ථුපාරාමයයි. බුදුන්වහන්සේ ගේ අකුධාතුව තැන්පත් කොට දේවානම් පියතිස්ස රජතුමා ධාන්‍යකාරයෙන් ගොඩනැගු මෙම දාගැබ‍ට වසභ රජතුමා (ක්‍රි.ව 65-109) වටදාගෙයක් කළ බව දැක්වේ. ස්ම්දර් මහතාගේ වාර්තාවේ ගල්කණු පේලී හතරේ ගල්කණු 176 ක් වු බව සඳහන් වේ. පොළොව මට්ටමින් අඩි 11 අඟල්

Advertisements

ඌව පළාත


01.මොණරාගල ගලබැද්ද විහාරය

මොණරාගල සිට කි.මි 11.2ක් පමණ දුරින් පොතුවිල් මාර්ගයේ පිහිටා ඇත. මෙය උදුන්දොර විහාරය නමින්ද හදුන්වයි. මරලපකන්ද පාමුල පිහිටා ඇති මෙම විහාරය අක්කර 80ක ් පමණ පැතිර තිබේ. 21 රියනක් පමණ වු දාගැබක් ද පැරණි ගල් කණුද දෙරටු පාල රඋපයක නටබුන්ද වේ. “සිරිපාත” නම් ගල්ලෙන් විහාරයක් ද වෙයි. ගලබැද්ද විහාරයට ඒමට පළමුව 166 වන සැතපුම් කණුව අසල දී ජනයා බිසෝකොටුව නමින් හදුන්වන රමණීය පොකුණ් මුණ ගැසේ.තට්ටු හතරකින් යුතු සතර දිසාවේන් සිංහ මුඛ සතරකින් ජලය ගලා එන ලෙස සදා ඇති පොළොන්නරැ යුගයේ වාස්තු විද්‍යාව විදහා පාන නිර්මාණයකි.

02.කොටසර පියංගල

බිබිල සිට කි.ටි 8ක් පමණ දුරින් මහියංගන පාරේ පිහිටා ඇත. කොටෙරවෙල නම්ද හැදින්වෙන දළදා සමිදුන් වැඩ සිටියේ යයි සැලකෙන ඉතා පැරණි නටබුන් ඇති මෙහි දැනට ඇතේ මහනුවර යුගයට අයත් ගොඩනැගිල්ලක් පමණි. කැටයම් සහිත ගල්කණු නවයික් පමණ ඇති පැරණි දළදා මැදුරේ දිග අඩි 48 ද පළල අඩි 36 ක් පමණ වේ. තිස්රියන් පමණ චෛත්‍යක් ද වේ.

03.මහියංගනය  

මහනුවර සිට කි.මි 70ක් පමණ දුරින් පිහිටා ඇති මහියංගන සෑය බුදුන්වහන්සේ ජීවමාන සමයේම ඉදිකළැයි සැලකේ. බුද්ධත්වයෙන් නව වැනි වස දුරුතු පෝදින මෙහි පැමිණි බුදුන්වහන්සේ යක්ෂයින් දමනය කොට ගිරි දියවින ට යැවු බවත් “මහානාගවන” නම් උයනේ මියුගුණ සඋය කළ බවත් මහාවංශාය් සඳහන් වේ. දීපවංශයේද ජිනකාලමාලි පාලි ග්‍රන්තයේ ද      අත්තනගලු වංශයේ ද මේ ස්ථානය ගැන සඳහන් වේ. මුලින් සමන් දෙවියන් විසින් කේශදාතු තැන්පත් කොට සත්රියන් වනසේ ඉදිකළ සෑය බුද්ධ පරිනිර්වාණයෙන් පසු සරණ නම් තෙරනමක් ශ්‍රීවාධාතුව තැන්පත් කොට දොළොස්රියන් වන සේ කිරිගරඅඩ විශේෂයකින් ඉදිකළ බවත් දේවානම් පියතිස්ස රජුගේ බාල සොහොයුරැ උදුධචුලාභය රජු ඒ මත තිස්රියන් දාගැබක් කරවු බවත් දුටුගැමුණු රජු එය අසුරියන් මහසෑයක් කළ බවත් සඳහන් වේ. බලතා නම් යෝධයකු රජුට උදව්කර ඇති අතර සොරබෝර වැව ද ඔහුගේ තනිනිර්මාණයකින් එතැන් සිට විවිධ රජවරුන් මෙම සෑයේ දියුණුවට හා පැවැත්මට දායක වී ඇත. 1949 ප්‍රතිසංස්කරණයේ 11 සියවසට අයත් ධාතු ගර්භය මතු වු අතර බිතු සිතුවම් බිත්තිවල තිබුණි.

04.හෙනන්නේතල විහාරය

ගලපාත විහාරය නමින්ද හදුන්වන මෙම විහාරය මහඔය ආසන්නයේ මහවනය පීරාගෙන යායුතු හෙනන්නේගල උස් කදු පර්වතයේ පිහිටා ඇත. ගල මුදුනේ විහාරස්ථානයේ සිට බලන විට අවට විශාල ප්‍රදේශයක් නෙත ගැටේ. ගල්ලෙන් කුටි හා දාගැබක් ඇත. ප්‍රධාන ගෙස අඩි 660 ක් පමණ දිගය. කුටිවල ගඩොල් බිත්තිවල බදාම පෙනන්නට ඇත. ඒවයේ ඇදි චිත්‍ර මැකි ගොසිනි. එක් ලෙනක බ්‍රාහ්මී අක්ෂර වලින් වු සෙල්ලිපිය ක්‍රිස්තු වර්ෂරම්භයේ ලියවී ඇතැයි සැලකේ.

05.බුදුගල්ලෙන ලෙන් විහාරය

බුත්තල සිට කතරගම මාර්ගයේ සැතපුම් 4ක් පමණ දුරින් හමුවන මාර්ගයේ කි.මි 2, ½ක් පමණ ගියවිට මෙම තපෝ ආරණ්‍ය මුණගැසේ ප්‍රදේශවසීහු මෙය කෝන්කැටිය විහාරය නමින් හදුන්වති. කතරගම දක්වාම පැතිරරෙන වනසේ අක් 100ක පමණ පෙදෙස පුරා කටාරම් කෙටු ගල්ලෙන් 100ක් පමණ ඇත. ලෙන් 18ක් පමණ ආරණ්‍ය භික්ෂුන්වහන්සේලා භාවිතා කරති. මෙහි ඇති ප්‍රතිමා හා කලා ශිල්ප ලක්ෂණ අනුව ක්‍රි.ව 3 සියවසට අයත් සේ සැලකේ. හුණු ගලින් නෙලු බුද්ධ ප්‍රතිමාව ට අමතරව බෝසත් ප්‍රතිමාවක් ද වෙයි. ගෙවී ගිය මුරගල් සදකඩ පහන් ප්‍රතිමාඝර හා පැරණි සංඝරාම ආදියේ නටබුන් ප්‍රදේශය පුරා පැතිර ඇත.

06.කොටියාගල ලෙන් විහාරය (මයිල්ල විහාරය)

මොණරාගල සිට පොතුවිල් පාරේ ඇතිමලේ හරහා කොටියාගල ජනපදයට පිවිසිය හැක. මහාවංශයේ සඳහන් උරුවෙල නගරය හා වැව කොටියාගල අසල වු ඇතිමලේ බව හදුනාගෙන ඇත. සැතපුම් ½ ක් පමණ වු වැව් බැම්මකින් යුතු අක්කර 210ක් පමණ වැව විශාලය. වැව අසල මහ පර්වතයක් ඇසුරැ කොට විහාරය පිහිටා ඇත. රලුගල් පඩි නැග ගියවිට ලෙන් විහාරය ඉදිරියෙන් දිස්වේ. දිගින් අඩි 73ක් ද පළලින් අඩි 42ක් ද වන මෙම ලෙනෙහි ඇති සැතපෙන පිළිමය ගඩොලින් නිමවා හුණු පිරියමින් සිවුරු රැලි ආදිය සකසා ඇත. තැනින් තැන ඉතිරිව ඇති බදාම කොටස් වලින් ලෙන් වියන සම්පුර්ණයෙන්ම චිත්‍ර වලින් අලංකාර කර තිබුණු බව පෙනේ. ඉතිරිව ඇති චිත්‍ර උසස් කලා සම්ප්‍රධායක් ප්‍රකට කරයි. සීගිරි චිත්‍ර වලට කරමක් සමාන කාන්තා රුවක් ද වෙයි. මෙම චිත්‍ර 3-4 වැනි සියවස්වලට අයත් සේ උගතුන් සලකයි. ලුසියානෝමරන්සි මෙම චිත්‍ර සංරක්ෂණ කර ඇත. දාගැබ මුල්කාලීන ලක්ෂණ දරයි. ප්‍රධාන ලෙනට බටහිරින් කුඩා ලෙන් 4කි.

07.ගෝවින්ද හෙළ සිද්ධස්ථානය

මොණරාගල දිස්ත්‍රික්කයට අයත්ය. අම්පාර බුද්දව හරහා හෝ සියඹලාණ්ඩුව හරහා ළගාවිය හැක. සියඹලාණ්ඩුවෙි සිට කි.මි 13ක් පමණ දුරින් පිහිටා ඇති ගොවින්ද හෙළ උසම තැන අඩි 1831කි. විශාල ගල් ලර්වත හා ලෙන් ඇති මෙහි අද දක්නට ඇත්තේ ඝන කැගෑවකි. කාලිංග මාඝ සමයේ භුවනෙකබා ආදිපාදවරයා මෙහි ප්‍රාදේශිය පාලකයා ලෙස මාලිගාවක් තනවා විසු බව මහාවංශයේ දැක්වේ. දකුණු බෑවුමේ මනාව නිම වු පොකුණක් වෙයි. ඒ අසල ගලේ නිමවු කුඩා පොකුණක් ද වෙයි. ඊලග උසු මුදුන දේවින්ද හෙළ නමින් දැක්වේ. විශාල ගල්ලෙනක් හා පැරණි නටබුන් පැතිරි තිබේ. බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපියක් ද පොකුණු කීපයක් ද දක්නට ඇත. මෙයට දකුණින් සෙල්ලිපියක් සහිත ලෙනකි. එක් ලෙනක දඹුල් ලෙනේ මෙන් ජලය කාන්දු වේ. ක්‍රි.පු 3-2 සියවස් වල සිට මධ්‍යතන යුගය සක්වා භාවනාත්‍රයෝගී භික්ෂුන් වැඩ සිටි , පසුව ප්‍රාදේශිය පාලකයින්ගේ බලකොටුවක් වු ස්ථානයකි.

08.කටුගහ ගල්ගේ රජමහා විහාරය

මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල සිට කි.මි 8ක් පමණ දුරින් පිහිටා ඇත. ශිලි ලේඛන සංග්‍රහයේ අතුරුගිරි විහාරය ලෙස දැක්වෙන මෙහි සෙල්පියක් ද මාගම සිට අනුරාධපුරය දක්වා විහිදුණු පැරණි මාර්ගයේ නිශ්ශංකමල්ල රජු පිහිට වු ගල්කණුවක් ද ඇත. අඩි 300 ක් දිග අඩි 50 ක් පළල අඩි 18 ක් උස ලෙනකි. ලෙන බිත්තියකින් දෙකට බෙදා එක් කොටසක් විහාරය ලෙසද අනෙක් කොටස ආරමය ලෙසද සකසා ඇත. ලෙන් වියන චිත්‍ර වලින් සරසා ඇත. සැතපෙන පිළිමය සමග පිළිම රැසකි. ලෙන පිහිටි ගල මුදුනේ දාගැබක නටබුන් ඇත.

09.මුතියංගනය

සොලොස්මස්ථානයන්ගෙන් එකක් වු දෙතිස්ඵල රුක බෝදීන්ගෙන් එකක් රෝපණය කළ බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවාදාරයට පත් බදුල්ල නගරයේ පිහිටි පුදබිමකි මෙහිදි බෞද්ධ ඔික්ෂුන් 60 නමක් එක්වර රහත් වු බව කියන ජනප්‍රවාදයක් ද ඇත. ක්‍රි.පු තුන්වන සියවසේදී පලමුවෙන් දේවානම් පියතිස්ස රජතුමා සර්වඥධාතු නිදහන්කොට දාගැබ කර ඇත.

සබරගමු පළාත


01 ශ්‍රී පාද ස්ථානය.

සකල ලෝකවාසී බෞද්ධයන්ගේ පමණක් නොව සියලු ආගමිකයන්ගේ ගෞරවාදාරයට පත් ශ්‍රී පාදස්ථානය සබරගමු පළාතේ නැගෙනහිර දෙසට වන්නට උස් කඳු මුදුන් සහිත කදුවැටියේ පිදුරුතලාගල කන්දට පමණක් දෙවන වන මෙම කඳු මුදුන සමණලගිරි, සමන්කූට,සුමනකූට ඇඩම්ස්පීක් යන නම් වලින් හැදින්වේ. බුදු රජාණන් වහන්සේ තෙවනවර ලක්දිවට වැඩ අවස්ථාවේ වම් ශ්‍රී පාදය පිහිටුවා ඇතියි බෞද්ධයන් වැදුම් පිදුම්කරන අතර හින්දු බැතිමතුන් එය ශිව දෙවියන්ගේ පා සටහන ලෙසත් ක්‍රිස්තියානී බැතිමතුන් එය ආදම්ගේ පාසටහන ලෙසත් ,මුස්ලිම් බැතිමතුන් බාවා ආදාම්ගේ පාසටහන ලෙසත් සලකා වැදුම් පිදුම් කරති.

හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට සැතපුම් 4ක් පමණ ද රත්නපුර මාර්ගයේ පලාබත්ගල සිට සැතපුම් 6ක් පමණ ගිරිදුර්ඝ තරණය කරමින් පයින් යායුතුයි. ක්‍රි.පු 4 වන සියවසේ මුටසීව රජ දවස බෝගකාස් නම් ග්‍රීක ජාතික මන්ත්‍රකරුවෙක් ශ්‍රි පාදය වැදීමට පැමිණි බව ග්‍රීක වාර්තාවල දැක්වේ. දුටු ගැමුණු රජුගේ ‍ෝධයකු වු දීඝජන්තු ද ශ්‍රී පාදය වැදීමට පැමිණි බව මහාවංශයේ සඳහන්ය.

චීන ජාතික පාහියන් මාර්කෝපොලෝ, ඉබන් බතුතා වැනි අයගේ වාර්තාවල ද ශ්‍රීපාදය ගැන සඳහන්ව ඇත. අතීතයේ සිටම විවිධ ආකාරයෙන් රජවරැන්ගේ අනුග්‍රහ ලැබු මේ පුදබිම බෞද්ධයන්ගේ අතිපුජණීය ස්ථානය වුවත් රාජසිංහ රජු ශිව භක්තිය වැළදගත් පසු ශිව භක්තික ආඩින්ට ශිව පාදය භාර කළ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු ක්‍රි.ව 1752 දී බෞද්ධ භික්ෂුන්ට මෙහි අයිතිය ලබාදෙන ලදි. 1817 දී ඉංග්‍රිසි ජාතික ජොන්වේව් ශ්‍රිපාදය නරඹා එහි තොරතුරු වාර්තා කර ඇත. ඒ අනුව උඩමළුව අඩි 74 දිගින් ද අඩි 24ක් පළලින් යුක්ත විය. වටපවුරේ උඩ අඩි 5 ශ්‍රීපාද ලාංඡනයේ දිග අඩි 5 අඟල් 4කි. පහළින් දේවාලය විය.

ක්‍රි.ව 1951 දී ශ්‍රිපාද ස්තානයට විදුලිය සැපයුණු අතර මාර්ග හා නවාතැන් පහසුකම් දැන් දියුණු තත්වයක ඇත. උඳුවප් පුර පෝයෙන් ඇරඹි වෙසක් පුර පෝය දක්වා සයමස පමණක් ශ්‍රිපාදය වන්දනා කිරීමට බැතිමතුන්ට ඉඩ ලැබේ.

02 සබරගමු මහ සමන් දේවාලය

රත්නපුර – පානදුර මාර්ගයේ රත්නපුර සිට කි.මි. 4ක් පමණ දුරින් පිහිටා ඇති මේ දේවාලය වර්තමානයේ සුමන සමන් දෙවියන් උදෙසා කැප වුවකි. දමදෙණියේ රංකළ 6වැනි පරාක්‍රමබාහු රජුගේ ආර්යකාම දේව නම් ඇමති විසින් රජතුමා වෙනුවෙන් වු භාරයක් ඉටු කිරීමට මෙය කරවා ඇත. එම භාරය නම් මැණික් ලබාගැනීමට පතල් හාරනවිට වටිනා මැණික් ලැබුණොත් එහිම දේවාලයක් සාදන බවයි. එහි දී වටිනා මැණික් ලැබුණු හෙයින් එය ඉටු කිරීමට මෙම ලක්ෂ්මණ දේවාලය කළ බව මෙහි ඇති සෙල්ලිපියේ දැක්වෙයි. දේවාල රාජකාරී සඳහා නිලධාරීන් හා දැසිදස්සන් පත්කර තලාපිටිය, හන්ගමුව හා සන්නස්ගම යන ගම් තුනකුත් පවරා රීදි සන්නසක් ද දී ඇත. VI වන බුවනෙකබා රජතුමා ද මෙහි දියුණුවට වැඩකර ඇත. පෘතුග්‍රීසීන් මෙය විනාශ කළ අතර II රාජසිංහ රජතුමා නැවත ප්‍රතිසංස්කරණය කිරිමේදී පෘතුග්‍රීසි පල්ලිය කඩා එතැන පත්තිනි දේවාලය කරවීමෙන් පසු දෙල්ගමුවේ වැඩ සිටි දන්ත ධාතුන්වහන්සේ වඩමවා වාර්ෂිකව පෙරහැර පැවැත්වීම අරඹා ඇත. දන්තධාතුන්වහන්සේ උඩරටට වැඩමකළ පසුත් පෙරහැර චාරිත්‍රය තවමත් පැවැත්වේ. මෙම පෙරහැරේ සර්ව ධාතු කරඩුවක් සමන් දෙවියන්ගේ හා පත්තිණි දෙවියන්ගේ දේවාභරණත් වඩමවයි.මෙම පෙරහැරේ දක්නට ඇති විශේෂත්වයක් නම් මහබඹා කෝලමයි. එක් ලසකට දේවතා මුහුණකුත් අනෙක් පැත්තට රාක්ෂ මුහුණකුත් ඇති මහබඹා පෙරහැරේ මුලින් ගමන් කරයි.

සිරිපා සමය ඇරඹෙනවිට දෙව්රැව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩමකොට සිරිපා සමය අවසානයේදී නැවත දේවාලයටවැඩම වීමද මහත් පෙරහරකින් සිදු කෙරේ.

03. පදවි ගම්පලගල්මැස්ස.

රඹුක්කන සිට වල්ගම මාර්ගයේ කි.මි 3.2ක් පිහිටි කොරතැන්න හන්දියෙන් දකුණට මීටර් 800ක් ගියවිට පදවිගම්පො ගල්මැස්ස මුන ගැසේ. දිග අඩි 12ක් ද පළල අඩි අටක්ද වු මෙහි උස අඩි 6ක්. ගල් පුවරු තුනකින් තුන්පැත්තකින් වටකොට ඒ මත අඩි 16ක් දිග අඩි 11ක් පළල ගල්පුවරැවක් තබා සාදා ඇති කුටියක ස්වරූපයක් ගනී. ගල්පුවරුවල ඝනකම අඩියකි. මෙය වසර තුන්දහසකට එපිට නවශිලා යුගයේ අවසාන අවධියටත් යකඩ යුගයේ ආරම්භක අවධියටත් මෙය සොහොන් කුටියක් බවට සාධක ලැබී නැතත් එවැන්නකැයි ද සිතිය හැකිය. මෙතැන කුඩා පුදබිමක් බවට තිබුණ බව පෙනේ. ඒ අසලම මහා බෝධී වෘක්ෂයකි. පදවි ගම්පොල කන්දේ ලෙන් විසිගණනක් ඇති අතර ඒවායේ අතීතයේදී භික්ෂුන් වැඩි සබව සැළකේ. විශාලම ලෙස අඩි 50ක් පමණ උසින් ද අබි 75ක් ලමණ පළලින් ද යුක්ත වේ. ක්‍රි.පු 3-1 අතර සියවස් වලට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් වල විශේෂ අක්ෂර හා රූප සටහන්ද වේ. ඒවා ආදීවාසීන්ට අයත් සේ සැලකේ.

04. බටතොට ලෙන.

කුරුවිටන් එරත්න මාර්ගයේ කි.මි. 6.4ක් ගියවිට හමුවන බටතොට හන්දියේ සිට කඳුකරයට කි.මි 1.6ක් පමණ යනවිට මෙම ලෙන මුන ගැසේ. මුහුදු මටිටමේ සිට අඩි 1000ක් පමණ උසක පිහිටා ඇති මෙහි ලෙන් දොරකඩ අඩි 75ක් පමණ පළලින් අඩි 45ක් පමණ උසින් ද යුක්ත වේ. 1908 දී ලෙස තුළ විහාරයක් ඉදිකර ඇත.මෙහි මුලින්ම විහාරයක් කරවා ඇත්තේ නිස්සංකමල්ල රජතුමාය. මකර තොරඛ මුර්ති විනාශ මුඛයට ගොස් ඇත. ආචාර්ය දැරණියගල මහතාගේ නිරීක්ෂණයන් අනුව මෙයට අවුරැදු 8000කට පමණ පෙර මධ්‍ය ශිලා යුගයේ මෙහි මානවයින් වාසය කර ඇත. වර්තමානයේ මෙය දිවාගුහාව ලෙස සලකන අතර නොයෙක් ඉදිකිරීම් වලින් සමන්විතය.

05. සංඛපාල රජමහා විහාරය

රත්නපුරෙන් ඇඹිලිපිටි පාරේ කිමි. 147ක් පමණ ගියවිට පල්ලේ බැද්දේ අඩි 500ක් පමණ වු පර්වතයක පාමුල මෙය පිහිටා ඇත.පර්වතය උඩ ද පුජ්‍ය ස්ථාන රැසකි. කටාරම් කෙටු ලෙන් අතර බ්‍රාහ්මී අක්ෂර වලින් යුත් සෙල්ලිපි දෙකක් ඇත. චෛත්‍යයක්, හක්ගෙඩියක් හා පහන් කණුවක සටහන් ද ඇත. එම සෙල්ලිපි දෙකේ පුසදේව ලෙස සඳහන් වන්නේ දුටුගැමුණු රජුගේ යෝධකයකු වු පුස්සදේවයි. අනුරපුර ජයගත් පසු රජු ඵුස්ස දේව යෝධයාට මේ ප්‍රදේශය නින්දගමක් ලෙස දුන් අතර ඔහු පසුව එය මහා සංඝයාට පුජා කොට පැවදි වු බවත් සඳහන් වේ. ජනප්‍රවාදවලට අනුව ඵුස්සදේව මෙම ගිරිමුදුනේ සිට අනුරාධපුරය කියා පෑමට ජයසංඛය පිම්බ බව කියවේ. පර්වතය මුදුනේ සිට අඩි 50ක් පමණ පහළින් කුහරයක හක්ගෙඩියක් වැනි යමක් තැන්පත් කර ඇත. කරතොට ධම්මාරාම හිමියන් කවි තුනක් දොළහක් ලෙස කියවීමට හැකිවන සේ ලියු බාරසකාව්‍ය නම් දුෂ්කර බන්ධනයෙන් සතුටට පත් රාජාධිරාජසිංහ රජ පල්ලේබැද්ද නින්දගමක් ලෙස පුජා කොට ඇත. මෙම නින්දගම අක්කර තුන්දහසකටත් වැඩිය. අක්කර 2ක් ලමණ වන ගල්තලාවක ගරා වැටුන දාගැබක් වැනි ගඩොල් ගොඩේ ගල් පෙට්ටියක තිබී අලු ස්වල්පයක් ලැබී ඇත. ඒ ඵුස්සදේව තෙරුන්ගේයයි සැලකේ.

06. ලෙනගල පුරාණ විහාරය.

රැවන්වැල්ල අරන්දර මාර්ගයේ මත්තමගොඩින් ගුරුගොඩ මාර්ගයෙන් එතෙර වී කි.මි 3.2ක් බටහිර දෙසට වන්නට මේ විහාරය පිහිටා ඇත. ලෙනගල ගලේ නැගෙනහිර බෑවුමේ ගල්පර්වතයක් යට හතාප දස්ස නම් ලෙනගල විහාරය පිහිටා ඇත.

ඉදිරිපස අඩි 27ක් පමණ උස් වු මැටි හා ලෙන් බැදි බිත්තියකි. එක පෙලට විහාර ගෙවල් තුනකි. ප්‍රාහ්මී අක්ෂර වලින් යුක්ත සෙල්ලිපිය නිසා ක්‍රි.පු යුගයේ සිට පැවති පුදබිමක් ලෙස සැලකේ. වළගම්බා රජුට සම්බන්ධ පුරාවෘත්ත ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙහි අලුත්වැඩියාවක් කර ඇත.

07. යටාල විහාරය

කෑගල්ලේ යට්ටෝගොඩ කොණ්ඩගල පර්වතයේ ලෙන් කිහිපයක්ම ඇත. ලොකුම ලෙන දිගින් අඩි 47ක් පමණ ද පළලින් අඩි 32ක් පමණ ද වේ. හිටි පිළිම හා ඔක්පිළිම ඇත. ක්‍රි.පු 2 සියවසට අයත් බ්‍රාහ්මී සෙල්ලිපි 6ක් පමණ දක්නට ඇත. දෙවන පෑතිස් රජුගේ බාල සොහොයුරැ මහානාග යුවරජු රුහුණට යන අතර මගදී අගබිසවට දරැවකු ලැබුණු වත්, ඒ දරැවාට යටාලතිස්ස යයි නම් කළ බවත් මහාවංශයේ සඳහන් වේ. කොඩිරිංටන් මහතා මෙය සිදු වු මේ සටන ලෙන දී බව කියයි. එක් සෙල්ලිපියක යටාල යන්න සඳහන් වේ.

08. දේවාලේගම බමුණුගම දේවාලය

කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ දේවාලේගම හන්දියෙන් නවගමුව මාර්ගයේ මීටර් 40ට පමණ දුරින් ගල්තලාවක් මත පිහිටා ඇත.

බස්නාහිර පළාත


01.කැලණිය.

කැලණිය ගං මිටියාවතේ පහළ කොටසේ කොළඹට ආසන්නව පිහිටා ඇති, දිර්‍ඝ ඉදිහාසයක් ඇති නගරයකි. ආර්ය සංක්‍රමණයට පෙර ද දියුණු ජන කොටසක් (නාග ගෝත්‍රිකයින්) සිටි පෙදෙසකි. මණිඅක්ඛිත නාරජුගේ ඇරැයුමෙන් බුද්ධත්වයෙන් අටවන වර්ෂයේදී බුදුන්වහන්සේ වැඩ වදාරා මැණික් පුටුවක වැඩහිද දහම් දෙසු බවත් එම පුටුව තැන්පත් කර චෛත්‍ය කළ බවත් සංශ කථාවල දැක්වේ. පසුව එතැන යටාලතිස්ස රජතුමා අඩි 80ක් උසට ධානුපාකාර ලෙස සෑය කළ බවත් විවිධ රජවරැ දියුණු කල බව සඳහන් වේ. කාලිංගමාඝ කැලණිය විහාරය ද විනාශ කර ඇත. දඹදෙණියේ රජ වු තුන්වන විජයබා රජු එය ප්‍රතිසංස්කරණය කර ඇත. ඉන්පසු විවිධ රජවරු නැවත මේ ස්ථානයේ දියුනුවට බොහෝ කළත් නැවත පෘතුග්‍රීසීන් හා ලන්දේසීන් විනාශ කර ඇත. වැලිවිට සරණංකර හිමියන්ගේ හා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ උත්සාහයෙන් මේ ස්ථානය අයත්කරගෙන ඇත. 1767 දී පිහුටුවන ලද සෙල්ලිපිය අනුව “මාපිටිගම සාමනේර” හිමියන් දාගැබ මා විහාරය ැලුත් වැඩියා කර ඇත. 1779 පිහිටුවා ඇති සෙල්ලිපිය අනුව මාපිටිගම බුද්ධරක්ඛිත තෙරැන් විසින් රජුගේ අනුග්‍රහය ඇතිව අලුත්වැඩියා කර ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කරවු පැරණි විහාරයේ අටළොස් රියන් සැතපෙන පිළිමයක් ද යන සේවරෑප සහිත දේවාලයක් ද වේ. නව විහාරය විජේවර්ධන පවුලේ මුලිකත්වයෙන් ඉදිකර ඇත. එහි ඇති චිත්‍ර සෝළියස් මැන්දිසි මහතා විසින් අඳින ලද ඒවාය.

02. මැද්දේගම රජමහා විහාරය

කිරිදිවැල සිට කි.මි 4ක් පමණ දුරින් පිහිටා ඇත. කඳු පංතියකින් වට වු පහත් බිමක හුදකලා කඳු පර්වතයක් මුදුනේ දෙතිස්ඵලරැක බෝධීන්වහන්සේ නමක් අනුබුදු මිහිදු හිමියන්ගේ පධානත්වයෙන් වැඩමවා ගල්පව්ව මත සුදුසු ලෙස සකසා රෝපනය බෝධිවංශයේ සඳහන් වේ. දෛනික තේවාවන් පැවැත්වීම හා වාරෟෂික පෙරහැරක් ද සංවිධානය කොට තිබුණි. පර්වතයේ ඇති ලෙන්වල විහාරස්ථාන ඉදි වී ඇත. විශාල සැතපෙන පිළිමයක් ඔත්පිළිමයක් හා පැරණි විශ්ණු සේවප්‍රතිමාවක් ද වේ. විහාස්ථාන භුමීයේ ඇති සෙල්ලිපියේ ද දෙතිස්ඵලරැක බෝධීය ගැන කියවේ.

03. පිළිකුත්තුන රජමහා විහාරය

බස්නාහිර පළාතේ සියනෑ කෝරළයට අයත් පැරණි පුද බිමකි. යක්කල කිරිවැල්ල පාරේ කි.මි 2ක් පමණ ගොස් බටගොල්ල හන්දියෙන් හැරී කි.මි 1ක් පමණ ගිය විට විහාරය හමු වේ. මුහුදු මට්ටමේ සිට අඩි 3000ක් පමණ උස සඳු මුදුනක පිහිටි මෙහි ඉදිහාසය ක්‍රි.පු 3 සියවස දක්වා ඈතට යයි. ප්‍රාහ්මීය අක්ෂරවලින් යුත් එක් සෙල්ලිපියක අශ්වාරෝහක ප්‍රධානියගේ සහෝදර “අඟිබුති” විසින් ලෙස් 99 කින් යුතු මෙම විහාරය සංඝායාට පිදු බව දැක්වේ. සැග වී සිටි ස්ථානයකි. අතීතයේ දී ආරණ්‍යක භික්ෂුන් විශාල පිරිසක් වැඩසිටි තැනක් සේ සැලකේ මහනුවර යුගයේ දී පුනරෟජීවනයක් ලබන මේ ස්ථානයේ පිළිම , චෛත්‍ය , ආවාස ගෙවල් අදියෙන් අංග සම්පුර්ණ වී ඇත. බිත්ති සිතුවමින් අලංකාර කර ඇත.

04. දන්ගල්ලේ රජමහා විහාරය

හංවැල්ල-කිරිදිවැල මාර්ගයේ දන්ගල්ල හන්දියෙන් හැරී මෙම විහාරයට පිවිසිය හැක. වෝහාරික තිස්ස රජ සමයේ “දාමගල්ල” නම් ආරණ්‍ය සේනාසනයක් ගැන පැරණි පොත පතේ සඳහන් වේ. එය මෙම විහාරය ලෙස උගත්තු කල්පනා කරති. ස්වභාවික ගල්ලෙන්තුල ඉදිවී ඇති මෙම විහාරයේ වු පැරණි උලුවස්සක් කොළඹ කෞතුකාගාරයේ ඇත. ශ්‍රී වික්‍රමරජසිංහ රජ සමයේ ලෙව්කේ මහදිසාව ඉදිරිපිට ඇති කෙත්යාය විහාස්ථානයට පුජා කොට ඇත.

05. අත්තනගල්ල රජමහා විහාරය

ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ-මහනුවර මාර්ගයේ නිට්ටඹුව හන්දියෙන් හංවැල්ල මාර්ගයේ කි.මි 5ක් පමණ ගියවිට මෙම විහාරය මුණගැසේ.ඓතිහාසික වශයෙන් මෙන්ම ආගමික හා සංස්කෘතික වශයෙන් ද ඉතා වැදගත් මෙහි ඉතිහාසය අනුරාධපුර සිට පැමිණි මගියෙකුට හිස දන් දුන්නේ මෙහිදි බව බෝහෝ දෙනෙක් පිළිගත්තත් එය සිදුවුයේ අනුරාධපුර හත්ථිකුච්ජි විහාරයේදී බව උගතුන්ගේ මතයයි. කඳුමුදුනේ ඇති මලුවවට ළගා වු විට වටදාගෙය , සිරිසඟබෝ රජු හිස දන් දුන් තැන පොකුණ , සඟබෝ තවුසා විසු ගල්ලෙන , පැරණි බෝධිය , චෛත්‍යය, ධර්මශාලාව හා තවත් ප්‍රසාදයන්ගේ නටබුන් දක්නට ඇත. “සිරිවන්නි” නම් සොරමුලක මංකොල්ල කෑමට ලක් වුවත් පසුව රජවරැ ඒවා ප්‍රතිසංස්කරණය කළත් පෘතුශ්‍රීසීන් , ලන්දේසීන් හා ඉංග්‍රීසි ජාතික ආක්‍රමණියන්ගේ අතවරවලට ලක් වු මේ ස්ථානයේ භික්ෂුන් සීතාවක රජු ශිව ආගම වැළදගත් පසු අමුඅමුවේ මරා දමා ඇත. මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත. මෙහි ඇති චිත්‍ර වසර 800ක් පමණ පැරණි යයි සැලකේ.

 

06. වාරණ රජමහා විහාරය

කොළඹ-නුවර මාර්ගයේ තිහාරිය හන්දියෙන් හැරී සැ. 2ක් පමණ ගියවිට මේ ස්ථානය මුන ගැසේ. ක්‍රි.පු යුගයට අයත් බ්‍රාහ්යීය අක්ෂරයෙන් වු ගිරි ලිපියක් ඇත. වලගම්බා රජු සැඟ වී සිටින අවධියේ මෙම ලෙන්වලද විසු බවත් රජ වු පසු එම ලෙස විහාරස්ථාන බවට පත් කළ බවත් කියවේ. ලෙන් වියනේ චිත්‍ර අනුරාධපුර , කෝට්ටේ හා මහනුවර යුගයන්ට අයත්ය. අද දක්නට ඇත්තේ නුවර යුගයේ චත්‍රයි. අවසාන වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ යථා තත්තවයට පත් වුවකි. ඉහළම විහාරය කඳුගැටයක් මත ගල්පව්වක පිහිටා ඇත. උලුවහු කලු ගලින් නිර්මිතය. බෞද්ධ පුදබිම්වලට හින්දු දේව ඇදහිලි එක්වීම ප්‍රකට කරන ස්ථානයකි.

07.මාලිගාතැන්න ආරණ්‍යසේනාසනය.

කොළඹ නුවර මාර්ගයේ යක්කල හන්දියෙන් රදාවානපාරේ ගොස් 3 කණුව අසළින් ඇති මාහාමාර්ගයේ කි.මි 2, ½ ක් පමණ ගියවිට මෙම ස්ථානය මුණගැසේ. මාලිගාතැන්න හා වාරණ ලෙන් ආදීවසීන් ජීවත් වු ගුහා ලෙස පුරාවිද්‍යඥයින් මඳුනාගෙන ඇත. ක්‍රි.පු 1800 දී පමණ රාම-රාවණා යුද්ධ සිදුවුයේ මේ ප්‍රදේශයේ දී බව සැලකේ. රාවණාගේ යක්ෂ ගෝත්‍රික ජනතාව මේ ආදිවසීහුය. ලක්දිවට බුදුසමය ලැබුණු පසු මලාතැන්නේ ලෙන් ආරණ්‍යවාසීන්ගේ වාසස්ථාන බවට පත්විය. වළගමිබා රජු සොළීන්ගෙන් සැගව පිහිටීමට මේ ප්‍රදේශයේ මාලිගාතැන්න හැරුණුවිට වාරණ පිළිකුත්තුව ආදී ලෙන් ද යොදාගෙන ඇත. වළගම්බා රජු සිටි බවට සැලකෙන කුඩා ගල්ගෙය හඳුනාගෙන ඇත. ගල් උලුවස්සක් , යන්ත්‍ර ගලක් , කටාරම් කෙටු ගල්ගුහා කිහිපයක් අද දක්නට ඇත. කාලිංග මාඝ ආක්‍රමණයේදී එකල සඟරජු වු ශ්‍රි වාචිස්සර මාහිමියන්ට දන්තධාතුන්වහනසේ හා පාත්‍ර ධාතුන්වහන්සේ වඩමවා පුදපුජා කළ බව සඳහන් වේ. නැවත කෝට්ටේ ධර්මපාල රජ සමයේ ද වඩමවා තාවකිලික මාලිගාවක තැන්පත් කොට පුදපුජා කළ බව පිළිගැනේ. දුර්ගම පර්වත ශිකවරය උඩමලුව හා පල්ලේ මලුව ලෙස කොටස් දෙකකි. පල්ලේ මලුව අද ආරණ්‍යසේනානසනයකි. ලෙන් පහක් ඇත. විහාර මන්දිරය , ආකාශ චෛත්‍යය බෝධිය , භික්ෂු කුටි , සක්මන් මලු පැන් පොකුණ දාන ශාලාව ආදිය වේ. අක්කර භාගයක් පමණ වන උඩමලුවේ විශාල පොකුණක් තිබුණත් අද ඉන් 4/5ක් පමණ ගොඩකර ඇත.

08.කෑරගල පද්මාවතී පිරිවෙණ

ගම්පහ දිස්ත්‍රික්කයේ හේනේගමට නුදුරින් මෙම පිරිවෙණ හා ටැම්පිට විහාරය පිහිටා ඇත. හංස සංදේශයේ මේ ස්ථානය ගැන පද්‍ය 13කින් වර්ණ හා කර ඇත. මේ ස්ථානය පිළිබද ඓතිහාසික විස්තරයක් එහි ඇති සෙල්ලිපි දෙකකින් ද හෙළි වේ. ඒ අනුව ක්‍රි.ව 1271-73 රජකල හතරවන විජයබාහු රජු සමයේ මේ විහාර භ්‍රමීය පටන්ගත් අතර ක්‍රි.ව 1415-1468 රජකල හතරවන පැරකුම් රජු පද්මාවතීපිරිවෙණ ආරම්භ කර ඇත. ගල්කණු මත පිහිටි ටැම්පිට විහාරයට පිවිසෙන ආලින්දයේ දොළොස්පට්ටමින් යුත් කැටයම් සහිත ගල්කුලුණු අටක් ඇත. අනුරපුර සඳකඩ පහණට වෙනස් වු සඳකඩ පහණක් ද නාගරෑප දෙකක්ද වෙි. විහාරයට වයඹ දෙසින් ඇති විශාල ගල්පර්වතයේ පොකුණු දෙකක් ඇති අතර , එයින් විහාර දොන් මගින් ජලය ලබාගත් බවද කියති.

09. සමණබැද්ද ගනේගොඩ පුරාණ රජමහා විහාරය

හංවැල්ල ආසන්නයේ පිහිටි ලෙන් විහාරයකි. මිහින්තලේ සඳගිරායේ භාක්ෂුන් දොළොස් නමක් වන්දනාවේ යන ලමන් මෙහි ගල්ලෙනක විසු බවත් ඒ නිසා “ශ්‍රමණයත් විසු කැළය” යන අර්ථයෙන් “සමණ බැද්ද” යන නම ඇති වු බව සැලකේ. අතීතයේදී මෙහි ටැම්පිට විහාරයක් පැවතියත් අද එය අස්කොට නව විහාරය ඉදිකොට ඇත. ක්‍රි.පු 3-1 සියවස්වලට අයත් වළං කැබලි ආදී පුරාවස්තු කැණීම් වලින් හමු වී ඇත. සෙල්ලිපි වලින් එකල ජනාවාස පිළිබද ව්ස්තර දැනගත හැක. සියවසට අයත් එක් සෙල්ලිපියක වසභ රජුතුමා වැවක් සාදා පුජා කළබව සඳහන් වේ. උතුරැ පැත්තේ ඇත්තේ ඇති වැව එය විය හැකියි. ලෙන් ලිපිවල දැක්වෙන්නේ ඒවා සංඝයාට පිදු බවයි.

10. මාලිගාගොඩැල්ල උත්තරාරාම පුරාණ විහාස්ථානය

මිනුවන්ගොඩ අසල ඇති උඩුලමිපොල හා මාතම්මන ගමේ අස්වාන වෙල්ල ඓතිහාසිකව වැදගත් වේ. වාන යන්ත්‍ර බැම්මයිත වැවක් ඉදිකිරීමට එසේ බැදි බැදි බැම්මක් මුල්කොට ‘අස්වාන වේල්ල’ නමින් මේ ප්‍රදේශය ප්‍රකටව ඇත. අද අස්වාන නමින් ගමක් නැත. අද ශ්‍රී ධර්මරත්නෝදය පිරිවෙන හා දේවාලය පිහිටි ප්‍රදේශය අස්වාන වශයෙනිත ප්‍රාදේශිය පාලකවකු සකලකලාවල්ලභ රජු මෙහි මාලිගාවක් ඉදිකල තැන අදල මාලිගාගොඩැල්ල රජ මහ විහාර පිහිටා ඇත. අස්වානවේල්ලේ එක් කෙළවරක පිරිවෙණ පිහිටා ඇත.

මධ්‍යම පළාත


01.ඇම්බැක්ක දේවාලය.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර මෙය පිහිටා ඇත. මහ දේවාලය කතරගම දෙවියන් උදේසා වෙන් වු අතර දකුණු කෙළවරේ කුඩා බුදු ගෙයක් ද වම් පැත්තේ දේවතා බණ්ඩාර දේවාලය ද වෙයි. 14-15 සියවස් වල ගම්පොල රජකල රජනරැන්ගේ මගුල් මඩුව පසුව දේවාලයක් බවට පත්කරගෙන ඇති බව කියවේ. ඇම්බැක්කේ ගම ආසන්න රංගම නම් ගමේ පණික්කිරාළ කොනෙකුට වැලදුණු කුෂ්ඨයක් කතරගම දෙවි අනුහසින් සුවපත්වීම මුල්කොට මෙය ඉදිකළ බවට ජනප්‍රවාදයක් ඇත.තුන්වැනි වික්‍රමබාහු රජුගේ බිසවගේ ඇරයුමෙන් කර වු බව ක්යවේ. කලාත්මක දැවමුවා නිර්මාණයන් නිසා කාගේත් අවධානය යොමු වු මෙහි නිර්මාණය කර ඇත්තේ දේවේන්ද්‍ර මුලාචාරී නම් ශිල්පියෙකු බව පැවසෙයි. අඩි 23 දිග අඩි 19 පළල හතරැස් ගොඩනැගිල්ලක් වන වාහල්කඩින් ඇතුලු වී දේවාලබිමට ඇතුලු විය යුතුය. මහ දේවාලය ඉදිරියෙන් ඇත්තේ දිග්ගේ හෙවත් හේවිසි මඩුවයි. මෙය දිගින් අඩි 52 අගල් 10 ක්ද පළලින් අඩි 25 අගල් 9ක් ද වෙයි. විශ්ව කීර්තියට පත් කැටයම් ඇත්තේ මෙහිය. හතරවන බුවනෙකතා රජු ඉදිකල ඇම්බැක්ක අම්බලමේ ගල්කණුවල කැටම් හා ලීකරැවල කැටම් සමානය. ගල්පාදනමක් මත පිහිටුවා ඇති ලී කණුවල ලණුගැටය කිහිඹිමුහුණ , ලියවැල් , ගිජුලිහිණියා, මකරා, ලියවැල් කටින් ලත් හංසයා අශ්වාරෝහක, සිංහ ඇත් පොරය ආදී කැටයම් වේ. වහල ඉදිරියේ මුදුන් යටලීයේ කෙළවර සිට පරාළ 26ක් විහිදි යන සේ සාදා ඇති මඩොල් කුරැපාව ද දැවමය විශිෂ්ඨ නිර්මාණයකි.

02. ලංකාතිලක විහාරය

කොළඹ නුවර පාරේ 65 වැනි සැතපුම් කණුව ළගින් හැරී දවුලගල මාර්ගයේ සැතපුම් 3ක් පමණ ගියවිට  මේ විහාරය මුනගැසේ. ගම්පොළ රාජ්‍ය කළ හතරවන බුවනෙකබා අවධියේ සේනාධිලංකාර මහ ඇමති විසින් කරවා ඇත. ගඩොල් හා හුණු බදාමේන් නිර්මාණ කර ඇත. ප්‍රධාන දොරටුවේ විශාල මකර තොරණ පහක් ද ඇතුල්දොර දෙපස දොරටු පාල රෑප හතරක් ද වේ. දේවාල රාශියක් ඇත. පොළොන්නරැ ගොඩනැඟිලි සම්ප්‍රධාය ප්‍රකට කරයි. දැන් ඇත්තේ කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා කළ අලුත් වැඩියාවන්ය. හතරවන බුවනෙකබා හා තුන්වන වික්‍රමබාහු රාජ්‍ය අවධීන්ට අයත් සෙල්ලිපි ඇත.

03. ගඩලාදෙණි විහාරය

ලංකාතිලක විහාරයට යන මාර්ගයේම පිහිටි මේ විහාරය සේනාධිලංකාර ඇමති විසින් කළබව ගඩලාදෙණිය සෙල්ලිපියේ සඳහන් වේ. ඉදිරිපස ඇති ගල්තොරණේ පහළ කොටසේ නටන්නන් හා ගයන්නන් ද ඉහල කොටසේ සිංහරූප ද ඇත. ශෛලමය සඳකඩ පහණ ඇත්රෑප හා ගජසිංහ රෑප ඇත. ශිලවංශ ධර්මකීර්ති මහතෙරණුවන් ශෛලමය විහාර කීපයක් කරවා ඇති අතර බමෙය ඉන් එකකි. අතීතයේදී මෙය “සද්ධාර්මතිලක විහාර” ලෙසින් හදුන්වා ඇත.

04.දොඩම්වල ශ්‍රී නාථ දේවාලය

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පිළිමතළාවෙන් මල්ගම්මන මාර්ගයේ කි.මි 5 පමණ ගොස් දොඩම්වල ගමට පිවිස එතැන් සිට මීටර් 500 ක් පමණ ගියවිට මෙම ස්ථානය හමුවෙයි. මෙම දේවාලය ශ්‍රී නාථ දෙවියන් උදෙසා කැප වුවකි. මෙම දේවාලයට පහළින් ඇති “මහඅස්න” නම් ස්ථානයේ වු “නාහාමිකෝවිල්” පදනම් කොට පසු කල මෙම දේවාලය ඉදි වී ඇත.

II වැනි රාජසිංහ රජතුමා යුද කටයුතු සඳහා දොඩම්වල හරහා යන විට “නියංගහමුල” නම් ස්ථානයේදී පිරිවර ජනයා රජතුමාට බලගතු දෙවි කෙනෙකුන් ඇති නිසා දෝලාවෙන් බසින ලෙස කී විට මට වඩා බලගතු දෙවියකු නැතයි දෝලාව ඔසවා ගෙන යන්නයි කියා ඇත. දෝලාව ඔසවන විට එය කැඩී ඇත. මෙය දේව හාස්කමකින් වු බව ජනතාව කී විට එසේ නම් දෝලාව සකසා දේව බලය පෙන්වන මෙන් රජු කියා ඇත. කෝවිල භාරව කටයුතු කළ “නාහාමි” නම් කපුවා ගෙන්වා කන්නලව්වක් කර ඇත. ඒ ආසන්නයේ ඇති දිය පහරකින් වතුර ගෙන පානක් පත්තු කර දේව බලය පෙන්වු අතර දෝලාවද යථා තත්ත්වයට පත් විය. එම දෝලාව දැනුදු මෙම දේවාලයේ ඇත. මේ සිද්ධිය වන අවස්ථාවේ රජතුමා ගසක් යට වාඩි වී සිට ඇත. “රාජසිංහ සපුගස” ලෙස හදුන්වන එය දැනුදු පවතී. රජතුමා දේව බලය පිළිගෙන ඔටුන්න, දෝලාව, රජාභරණ හා නින්දගම් පුජා කොට ඇත. දේවාලයේ බිත්ති සිතුවමින් අලංකෘතය. මනුෂ්‍ය ප්‍රමාණයේ නාථ දේව රූපයක් ඇත. පුරාවස්තු අතර වෙසමුණි රජුගේයයි සලකාන පිත්තල ඔටුන්නක් ද වෙයි.

05.ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය

මහනුවර නගරයේ අස්ගිරි මහා විහාරය ආසන්නයේ මෙය පිහිටා ඇත. කීර්තී ශ්‍රී රාජසිජහ රජතුමාගේ හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජත්‍රමාගේත් එවකට දිසා ලේකම් වු පිළිමතලා‍ව්වගේ හා රාජසභාවේ අනු සේනාධිපති වු උරූලැවත්තේ විජයසුන්දර රාජ කරැණා සෙනෙවිතුමාගේත් අනුග්‍රහයෙන් මෙය ඉදිවී ඇත.

මෙහි පවතින පුරා විද්‍යාත්මක නටබුන් අතර විහාරයට පිවිසෙන ස්ථානයේ ඇති ශෛලමය ත්‍රීකෝණාකාර සඳකඩ පහන සමාධි බුද්ධ ප්‍රතිමාව , නාථ , විෂ්ණු, සමන් දේව රූප සුවිසි විවරණ    චිත්‍ර ශිලා උලුවස්ස, ශිලා චෛත්‍ය හා පුෂ්පාසනය විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මහනුවර යුගයේ පිළිමනෙළීමේ සම්ප්‍රදාය සමාධි ප්‍රතිමාවෙන් ප්‍රකටවන අතර චිත්‍ර වලින් නුවර යුගයේ අලංකාර චිත්‍ර සම්ප්‍රදාය හදුනාගත හැක. විහාර බිත්තියේ පිටුපස ඇති ශිලා ලිපියෙන් එවකට භාෂාව, ගම්බිම් පාලනය හා ආගමික තත්ත්වය ගැන දැනගත හැක. ඇත්දත් පිළිමය , රාජකීය පුටුව , හෙප්පුව , පත්තිරිප්පුව වැනි පුරා විද්‍යාත්මක භාණ්ඩ ද මෙහි ඇත.

06. නියම්ගම්පාය රජ මහා විහාරය

ගම්පොළ නියම්ගම්පාය රජමහා විහාරය එහි ඇති සෙල්ලිපිය අනුව තුන්වන වික්‍රමබාහු රජ සමයේ ක්‍රි.ව 1373 දී ජයමහලේ සිටානන් හා අලකේශ්වරයන් විසින් ඉදිකොට ඇත. ජයමහලේ සිටුපාය එහි පිහිටි පිරිවෙණය.

07. ගොඩගම නවුර (ගඟසිරිපුර)

ගම්පොළ යුගයේ ගම්පොල රජධානී නගරය , මයුර සංදේශයේ සඳහන් පිරිදි ගඟසිරි පුරය අම්බුල්වා කලුපාමුල ගොඩගම පෙදෙසේ සිංහාපිටියයි. වාහල්දොර දෙපස වු ගජසිංහ රෑප දෙකක් හමු වී ඇත. පල්ලේවාහල , මැදවාහප ,උඩවාහල යයි රජ මුදුරැ තුනක් තිබු බව මුලාශ්‍රවල දැක්වේ. ශිලවංශ ධර්මකීර්ති හිමියන් අම්බුල්ව ,කඳුබෑවුමේ මාලකීල ශෛල නම් අතනගලේ ආරාමයක් කරවා එහි වැඩ වසමින් ජනානුරාග නමින් පාලිකාවක් කර ඇත.

08. සෙංකඩගල නුවර

සෙංකඩගල නම් බමුණකු අතින් මෙතැන ජය බිමක් යයි දැනගත් තුන්වන වික්‍රමබාහු රජු මෙම නගරය ඉදිකිරිම අරබා ඇත. සගම සෙල්ලිපියේ මෙම රජතුමා නගරය ගොඩනගා නාථ දෙවියන් උදෙසා දේවාලයක් කළ බව දැක්වේ. රජතුමාගේ මව මාතලේ අස්ගිරියේ උපන් හෙයින් අස්ගිරිදේවී නමින් හැදින්වුන අතර ඇය සෙංකඩගල ජීවත්ව සිට මියගිය පසු ආහනමලුව නම් තැන ආදාහනය කරවා ගෙඩිගේ විහාරය කරවු බවත් එය අස්ගිරිය නමින් හැදින්වුන බවත් පැවසේ. සෙංකඩගල රාජධානිය කරගෙන රජවුවේ ක්‍රි.ව 1542 දී සේනා සම්මත වික්‍රමබාහුය.

09. අස්ගිරි ගෙඩිගේ

මහනුවර දළදා මාළිගාවට ආසන්නයේ තුන්වන වික්‍රමබාහු රජු අස්ගිරි දේවී (චන්ද්‍රාවතී දේවීය) නම් මව නමින් මෙම කලාත්මක ශෛලමය ගෙඩිගේ කරවා ඇත. වහලය සමග මුලු ගොඩනැගිල්ලම ගලින් නිම වු මෙය පොළොන්නරැ ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත්ය. ගඩලාදෙණිය තරම් විශාල නැත. ඒ මත චෛත්‍යයක් ද වේ.

10. කොත්මලේ පුසුල් විහාරය

කාවන්තිස්ස රජසමයේ මෙම විහාරස්ථානයේ දෙතිස්ඵල රුහ බෝධීන්ගෙන් 27 වන බෝධීය රෝපණය කළ බව පැවසේ. පුජාවලියේ හා මහාවංශයේ ගැමුණු කුමරැ කොත්මලේ ප්‍රදේශයට පැමිණ විසු බව දැක්වේ. පුසුල්පිටියේ ගිරිලිපියක ද “ගැමුණු නරෝත්තමය වැඩසිටින ශෛලමස්තයේ දාගාබ” සඳහනෙන්ද එය සනාථ වේ. දාගැබ ගැමුණු කුමරැ කළ බව පිළිගැනේ. හතරවන බුවනෙකබා රජතුමා (ක්‍රි.ව 1341-1356) හා කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා මෙහි දියුණවට ක්‍රියාකර තිබේ. තඹ සන්නසක් ද “පුසුල්පිටිය වර්ණනාව” නම් පොතක් ද දෙවන රාජසිංහ රජු පුජා කළ විසාල භාජන දෙකක්ද මෙිහි ඇත. විහාරමන්දිරයේ චිත්‍ර නුවර යුගයට අයත්ය.

11. වලපනේ වටරක්ගොඩ විහාරය

වලපනේ වතුමුල්ලට නුදුරින් පිහිටා ඇති මෙම විහාරය දුටුගරමුණු රජතුමා විසින් කළබව පිළිගැනේ. දසමහ යෝධයන්ගෙන කෙනෙකු වු ථෙරපුතාභය හිමියන් වැඩ විසුවේ මෙහි බව ජනප්‍රවාදවල එයි. දාගැබ ප්‍රතිසංස්කරණ කැණීම්වලදී රන් පිළිම , රන්කාසි හා රන් ආයුධ ලැබී ඇත.

දකුණු පළාත


01.දෙවිනුවර (දෙවුන්දර)

ලක්දිව දකුණේ අන්තිම කෙළවරේ වු දකුණු තුඩුවේ මාතර නගරයෙන් කි.මී 4 ,1/2 ක් දුරින් පිහිටා ඇත. මෙම නගරයේ ආරම්භකයා ක්‍රි.ව 659 දී රජ බවට පත් වු දප්පුල රජුය. ස්වාභාවික ආරක්ෂක ස්ථානයක් ලෙස සැලකිය හැකි මෙහි නගරය ඉදිකළ රජතුමා ලක්දිව ආරක්ෂක සේවතාව ලෙස සලකන උප්පලවර්ණ දේව රූපයක් කරවා දේවනගරයක් යයි නම් කර ඇත. පැරකුම්බා සිරිතක් උපුල්වන් දෙවියන් කිහිරිකදකට අරක්ගෙන  මුහුදේ පාවී දෙවිනුවර සිංහාසන වැල්ලට ගොඩගැසු බවත් රජතුමා එයින් උපුල්වන් දෙවි ප්‍රතිමාව කර දේවාලයේ තැන්පත් කළ බවත් සදහන් වේ. මහනුවර විෂ්ණු දේවාලයේ ඇත්තේ මෙම ප්‍රතිමාව යයි කියනු ලැබේ. පරණවිතාණ මහතාගේ මතය වන්නේ මීට කි.මී ½ ක් උතුරින් ඇති “ ගල්ගනේ”  නම් ගොඩනැගිල්ල උපුල්වන් දේවාලය බවයි. කුඩා කදුගැටයක පිහිටි මෙහි ඇති ගල්ගෙය පැරණි දේවාල සම්ප්‍රදායට ගල්පුවරු යොදා දිගින් අඩි 26 ක්ද පළලින් අඩි 16 ක්ද ,උසින් අඩි 12ක් ද වනසේ සෑදුවකි. අනෙක් දේවාල හෝ කෝවිල් මෙන් ඉන්දියානු කිසිදු සම්ප්‍රදායකට අයත් නොවුවකි. මධ්‍යතන යුගයේ දී උපුල්වන් දෙවි විෂ්ණු බවට පත්විය.

දෙවිනුවර පළමුවෙන් තනතලද්දේ කිහිරැලි වෙහෙර බව මහා වංශයේ සදහන් වේ. කිත්තග්ගබෝ ඈපා විසින් 8-9 සියවල පිහිට වු සෙල්ලිපියේ ඇත්තේ කිහිරැලි වෙහෙර ගැන මිස දේවාලයක් ගැන නොවේ. මධ්‍යතන යුගයේ දීප්තිමත් අධ්‍යාපන ආයතනයක් වු ගලතුරුමුල නමි පිරිවෙන මේ නගරයේ පිහිටා තිබුණි. වත්මන් පරම විචිත්‍රාරාම විහාරය පිහිටා ඇත්තේ එම භුමීයේය. පැරණි විහාරාරාම ගොඩනැගිලි සමුහයක නටබුන් රාශියක් මෙහි දක්නට ඇත. දෙවිනුවර අද දක්නට ඇති බුබ්බුලාකාර දාගැබ දප්පුල රජතුමා ඝටාකාර ක්‍රමයට තැනු දාගැබය. ඇතුල්වන ස්ථානයේ ඇති අඩි 7 අගල් 5ක් උස පළල අඩි 4ක් වු කිඹිසි මුහුණ සහිත මකර රුවකින් යුත් සෙල්මුවා උලුවස්ස වටිනා නිර්මාණයකි.

දේවාලය හා විහාරය පෘතුග්‍රීසීන් කොල්ලකා විනාශ කොට එහි පල්ලිය සාදා ඇත. II වන රාජසිංහ රජතුමා එය කඩා දමා දේවාලයක් තනා ඇත. එම ස්ථානයේ අද ඇති දේවාලය සබරගමුව දේවාල සැලැස්ම අනුව බස්නායක නිලමේ වු නීතිඥ විජේතුංග මහතා ඉදිකළ එකක් වර්තමානයේ දෙවිනුවර විශ්ණු දේවාලය නිසාම කැපී පෙනෙන නගරයක් වී ඇත.

02.වැලිගම කුෂ්ඨරාජගල

වැලිගම අග්‍රබෝධි විහාරයේ ඉදිරිපිට ගලෙන මතුකළ අඩි 12 ක් පමණ වු ප්‍රතිමාවකි. පුරාවිද්‍යාඥයින් අවලෝකිතේශ්වර නාථයයි හදුන්වන මෙය සාමාන්‍ය ජනයා කුෂ්ඨරාජ ගල යයි කියයි. දකුණු අත විතර්ක මුද්‍රාවෙන්ද වමත කටක මුද්‍රාවෙන් යුත් රජෙකු මෙන් පෙනෙන මෙහි විශේෂ ලක්ෂණය මකුටයේ බුද්ධරූප 4ක් දක්නට ලැබීමයි මෙවැනි ප්‍රතිමාවක් තිරියායෙන් ද හමු වී ඇති නිසා මෙය අවලෝකිතේශ්වර ගේයයි අනුමාන කෙරේ. 4 අග්බෝ රජු කුෂ්ඨයකින් පෙලුණු බවත් එය සුවපත් කරගැනීමට මෙය කලබවත් සැලකේ. මහායාන මතය අනුව සිංහනාද අවලෝ‍කිතේෂ්වර කුෂ්ඨ සුවකිරීමේ බලයක් ඇත්තෙකි. ඒ අනුව 4 අග්බෝ රජු අටවන සියවසේ දී මෙය කරවන්ට ඇතැයි සැලකේ.

03.වැලිගම අග්‍රබෝධි විහාරය

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගරයේ පිහිටි අග්‍රබෝධි විහාරය සිංහල බෝධි වංශයේ සඳහන් වන ආකාරයට දෙතිස් ඵලරෑහ බෝධීන්ගෙන් එකක් රෝපීත දේවානම්පියතිස්ස රජ සමයට අයත් ‍‍ඓතිහාසික පුද බිමකි. පොලොන්නරු, ගම්පොල සහ කෝට්ටේ රාජධානී වල රජවරැන් විවිධ ඉදිකිරීම් කළත් පෘතුගීසීනගේ කොල්ලකෑමට ලක්ව විනාශ වී ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව 1747-1782) සමයේ අගලකඩ ධම්මරක්ඛිත හිමියන් දිගින් රියන් 21 ක්ද පලලින් රියන් 15 ක්ද වන දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස මෙම විහාරය කරවා ඇත. විහාර ගෙයි බිත්ති නුවර යුගයේ චිත්‍ර වලින් යුක්තය.

04.මුල්කිරිගල රජමහා විහාරය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්තේ සිට වීරකැටිය දෙසට කි.මී 5ක් පමණ ගියවිට මුල්ගිරිගල හමුවවේ. බ්‍රහ්මී අක්තෂර වලින් යුත් ලෙන් කිහිපයක් නිසා මෙහි ඉතිහාසය ක්‍රී.පුර්ව යුගයට අයත් වෙි. මෙහි පැරණි නම “මුහන්ද්ගිරි” නම් වෙයි. මෙහි මුදුනට නැග ඈත බලන විට මුහුද පෙනේ. කාවන්තිස්ස රජතුමා ඉදිකල “සිමුද්දගිරි” විහාරය මෙය බවට අනුමාන කෙරේ.

මෙම රජමහා විහාරය පාතමලුව , බෝමලුව , චෛත්‍ය මලුව උඩ බෝ මලුව ලෙස කොටස් පහකි. අඩි 350ක් පමණ උස් වු මනරම් භුමීයක් වු මෙහි කටාරම් කෙටු ගල්ලෙන් 25ක් පමණ වේ. බෝමලුව විහාරයේ දහඅටරියන් බුද්ධ ප්‍රතිමාවක් ඇත. රජමහා විහාර මලුව නම් විහාරය අසල ඇති ශිලා පොකුණ පතුලේ ඇති ගීය 8-9 සියවස් වලට අයත් සේ සැලකේ. මෙම ගල් ගුහාවේ පිරිවෙන් විහාරයේ රජමහා විහාරය , පරණ විහාරය සහ නාග විහාරය කියා 04ක් ඇත. පිරිවෙන් විහාරය රන් පිළිමයක් හා රත් හදුන් පිළිමයක් ඇත. දෙතිස්වල රුහ බෝධී වලින් එකක් රෝපිත ස්ථානයකි විහාර බිත්ති වල චිත්‍ර රෝහණ පෙදෙසට ආවෙණි කලා සම්ප්‍රදායක් නිසා මුලිකිරිගල වඩාත් වැදගත් වේ. ජාතක කථා චිත්‍ර වලට අමරතරව නවග්‍රහ මණ්ඩලය , රාක්ෂ රූප ආදිය චේ. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයෙකු වු වටරක්ගොඩ ධම්මපාල තෙරැන් මේ ස්ථානය දියුණු වට කටයුතු කර ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු පුජා කළ රන් පළිම දෙකක් ඇත් දළ යුවලක් හා චාමර දෙකක් දැනුත් සුරක්ෂිතව ඇත.

05.නයිගල රජමහා විහාරය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රන්න-වීරකැටිය මාරෟගයේ කි.මී 12.8 ක් ගියවිට නයිගල රජමහා විහාරය මුනගැසේ. දේවානම්පියතිස්ස රජුගේ බාල සොහෝයුර මහානාග රජු සමයේ නියගයක් වු බවට රජු සක්මන් කරමින් සිටින විට සුදු නාගයෙකු පෙනෙන්නට විත් යන විට රාජපුරැෂයන් උෟ පසුපස ගොස් බලන විට ස්වභාවික දියපිරැණු විලක් ලඟ සිටිනු දැක රජුට දැන් වු පසු එය පදනම්කරගෙන විහාරයක් කළ බව ජනප්‍රවාදවල සඳහන් වේ. නාගරෑපයක් කෙටු පුරාණ පොකුණ අදත් දක්නට ඇත. 1920 දී මෙහි තිබී අඩි 23 ක් පමණ  දිග නයි හැවක් හමු වී ඇත. ජනතා විශ්වාසය මේ විහාරය නිගයින් ආරක්ෂා කරන බවයි.       චතුරස්‍රකාර ආසන සරයක නටබුන් අනුව ප්‍රතිමා නිර්මානයට පෙර ඉදිකල විහාරයක් බව පෙනේ. “පඥචාවාස” ක්‍රමයේ ගොඩනැගිල්ලක නටබුන් හා බුම්බුලාකාර දාගැබක නටබුන් ඇත. මහානාග රජු සර්වඥධාතු තැන්පත් කල කිරිගරුඩ කරඩුව , රහතුන් පරිහරණය කල ඇත් දත් කැටයමින් යුත් වටාපත රාජ්‍ය නිල ඇදුම් ආදිය මෙහි ඇත. පැරණි පුස්තක තැන්පත් කල පොත් ගුලක් ද ඇත.

06.රොටබේ බුදුගල විහාරය

මාතර ඌරූබොක්ක පාරේ පස්ගොඩ මංසන්ධියෙන් හැරී කි.මී 7ක් පමණ ගම්සභා පාරේ ගිරිදුර්ගයක් පසුකොට ගියවිට ඉසුරැමුණියේ ස්වරූපය දරණ රමණීය තල හමුවේ. අඩි 40ක් පමණ දික් වු කටරම්කෙටු ගල්ලෙනේ පැරණි ප්‍රතිමාවක පාදයේ කොටසක් දක්නට ඇත. බ්‍රහ්මී අක්ෂරවලින් යුත් සෙල්ලිපියේ “දෙදාසමහරනලෙනෙ” යයි සඳහන් ව ඇත. මෙයින් පෙනෙන්නේ ක්‍රි.පුර්ව යුගයේ දී මේ ප්‍රදේශයට බුදු දහම ලැබුණු බවයි.

07.කසාගල රජමහ විහාරය

හමිබන්තොට දිස්ත්‍රික්කයේ අග්‍රණ කොළ පැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩයාල ල්‍රාමමස්වා වසමේ රන්න-වීරකැටිය මාර්ගයේ කි.මි 9ක් දුරින් මෙය පිහිටා ඇත. 2 වන සියවසයට අයත් සෙල්ලිපියක මේ ස්ථානය හදුන්වන්නේ කඩගල් ලෙසයි. විහාරයේ ප්‍රධාන ගොඩනැගිලි ශෛලමය වේදීකාවක් මත තනා ඇති ගොඩනැගිලි පහක නටබුන් ඇත. අලුත් විහාරය තනා ඇත්තේ පැරණි ප්‍රධාන ගොඩනැගිල්ලේ මණ්ඩලය මතයි. අනුරපුර මුල් යුගයට අයත් කැටයම් රහිත සඳකඩ පහනක් හා මුරගල් දෙකක් ද තවත් ගොඩනැගිලි 21 නටබුන් ද ඇත. දළදා මැදුරක් පැවති බවට කටකථා ඇතත් ඉතිහාසයඥයන් සලකන්නේ මාණික්‍යමය දළදා අනුරැවක් වු බවයි. විශ්මිත ශෛලමය ප්‍රාකාරයක් ඇත. ගලමුදුනේ බුම්බුලාකාර සෑය දේවානම්පියතිස්ස රජු ඉදිකළැයි සැලකේ. තලමුදුනේ ස්වභාවික පොකුණු දෙකකි. පහල සෑය සද්ධාතිස්ස රජු ඉදිකළ බව සැලකේ. මෙහි ඇති පුරා වස්තු අතර රුවන්මය දළදා අනුරුව රන් පිළිමය ද කීර්ති ශ්‍රි රාජසිංහ රජු පුජාකළ පුජා භාණ්ඩ ද ලජමන්නෝනාගේ ලියා වු ගජමන් ආච්චිගේ ගමන් දෝලාවද මෙහි තිබේ.

08.ගිරිගඩු සෑය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට පුල්යාය හා කලුවාවිල ග්‍රාමසේවා වසම් වලට යාව වළවේ දකුණු ගං ඉවුරේ මේ පැරණි පුඳබිම පිහිටා ඇත. කාවන්තිස්ස රජ සමයේ රුහුණු ප්‍රාදේශිය රාජ්‍ය හතරකින් සමන්විතය. සේරි , මානමුලු , සෝම හා ගිරි ඒ හතරයි. ගිරි රාජ්‍ය ප්‍රධාන ආගමික මධ්‍යස්ථානය මෙය විය. “ගිරිගඩු” නමින් විහාර ස්ථාන දෙක් දක්නට ඇත. අනෙක ත්‍රිකුණාමලයට උතුරින් මුහුදු තෙර පිහිටි කිරියාය ගිරිගඩු සැයයි. මහදාඨික මහානාග රජු ගිරිභාණ්ඩ මහ පුජාව පවත්වා එය සැමරිමට මේ විහාරය කල බව වංශ කථාවල දැක්වෙයි. සමරවිට එම පුජාව කළේ මෙහිදි විය හැක.

අවලෝකිතේෂ්වර නාථගේ ශිර්ෂයද සිද්ධාර්ත කුමරැගේ අභිනිෂ්ක්‍රමනය දැක්වෙන කිරිගරුඩ ඵලකයක්ද මෙහි ඇති පුරා වස්තුයි. කේශධාතු නිධන් කළ සැයක් වු බව ජනප්‍රවාදවල එයි.

 

09.රම්බා විහාරය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඇඹිලිපිටිය මාර්ගයේ කි.මී 11.2 ක් දුරින් වලවේ ගං ඉවුරේ පිහිටා ඇත.මානවුලු පුරය ලෙස පැරැණි ලේඛණ වල සඳහන් වන “මහානාගහුල” නම් වු රම්බා විහාරය මැදිකොට ගත් ප්‍රාදේශිය කිර්තී කුමරු හෙවත් විජයබාහු රජු සොළීන් පන්නා පොළොන්නරැව අල්ලා ගන්නා තෙක් කඳවුරැ ප්‍රාදේශිය ලෙස යොදා ගෙන ඇත.

පුරා විද්‍ය කැණීම් වලින් අවුරැදු 2000කටත් වඩා පැරණි වලංකැබලි , උලු හා නටබුන් හමු වී ඇත. නටබුන් බොහෝමයක් අනුරාධපුර යුගයට නෑකම් කියයි.

10.වටගෙදර පුරාණ ටැම්පිට විහාරය

මාතර නාදුගල මං සන්ධියේ සිට කි.මි 2ක් පමණ අත්තුඩාව දෙසට ගමන් කළ විට වම්පසින් කි.‍මි ¼ ක් පමණ දුරින් මේ විහාරස්ථානය පිහිටා ඇත. පිටමාලය පිහිටි පොළොවේ තනා ඇත.ඇතුල් මාලය ටැම්මත පිහිට වු දැව තට්ටුවක් මත ඉදිකොට ඇත. නවරියන් සැතපෙන පිලිමයේ හිස කදේ ප්‍රමාණය අනුව විශාලය. පිළිමයේ දෙපසින් දේවරූප දෙකක් ද ශ්‍රාවක රූප දෙකක් ද වේ. ච්ත්‍ර සමුහයක් ද වෙයි. මහනුවර යුගයේ පහත රට කලා සම්ප්‍රදායන් හදුනා ගැනීමට වැදගත් වේ.

11.කිකිණි රජමහා විහාරය

 

වැල්ලවාය තණමප්විල පාරේ 46 වන සැතපුම් කණුව අසල කිරිදිඔය අසල පිහිටි පෞරාණික ස්ථානයකි. පාරේ සිට අඩි 300 ක් පමණ දුරින් සෑය පිහිටා ඇත. මාලතුනකි. පිට මාලයේ බැම්ම ගොඩනැගිලි කීපයක් ඉදි කිරීමට හැකිවන සේ සකසා ඇත. සෑය පිටිපස පිළි ගෙයක නටබුන් දක්නට ඇත.

12.බුදුරුවගල

වැල්ලවාය නගරයේ සිට තණමල්විල පාරේ 48 වන සැතපුම් කණුව අසලින් හැරී සැ.4ක් පමණ ගියවිට මොණරාගල දිස්ත්‍රික්කයට අයත් මේ ස්ථානයේ මුන ගැසේ. අඩි 70ක් පමණ පලල් වන ගල් බිත්තියේ උස කොටසේ අඩි 50ක් පමණ වන අභය මුද්‍රාවෙන් යුත් බුද්ධ ප්‍රතිමාව අඩක් මතු වනසේ නෙළා හුණුබදාමයෙන් සම්පුර්ණකර තිබුන බව පෙනේ. මේ ක්‍රමයට නිර්මාණ කිරීම චිත්‍රභාස සම්ප්‍රදාය ලෙස හැදින්වේ. බදාම සහ සායම් දැන් නැත. ලංකාවේ ඇති උසම ශෛලමය ප්‍රතිමාවයිත බුද්ධ ප්‍රතිමාව දෙපසින් බෝධිසත්ව රුප දෙකකි. දකුණු පස රූපය අවපලා්කිතේශ්වර බෝධිසත්ව ලෙසත් වම්පස රූපය මංජු ශ්‍රී බෝසතුන් ලෙසත් සැලකේ. 9-10 වැනි සියවස්වල මහායාන ථෙරවාද මිශ්‍ර ශෛලියකින් බිහි වු නිර්මාණ ලෙස සැලකේ. පර්වතයේ ඇති සිදුරැවලින් පියස්සක් තිබුණු බවට අනුමාන කරයිත නාත කොටුවක හා දාගැබක නටබුන් ද දක්නට ඇත.

පුරාණ විහාර


දකුණු පළාත

මධ්‍යම පළාත

බස්නාහිර පළාත

උතුරු මැද පළාත

ඌව පළාත

සබරගමු පළාත