උතුරු මැද පළාත


ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ.

ලක්වැසි බෙ‍‍ද්ධයන්ගේ අතිගෙරවාදරයට පත් පුජනීය වස්තුවක් වන ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. දේවාවම් පියතිස්ස රජ සමයේ මිහිදු මාහිමියන්ගේ මග පෙන්වීම මත සංඝමිත්තා මෙහෙණින්වහන්සේ විසින් දඹකොළ පටුනෙන් ගොඩබැස තිවක්ක ග්‍රාමය හරහා මහත් පෙරහරින්  වඩමවා මහමෙව්නා උයනේ රාං ද්වාරය පිහිටි තැන රෝපිත බව මහා වංශයේ සඳහන් වේ. අවු 2500 කට වඩා පැරණි එකම පුජනීය වෘක්ෂය මෙයයි.

බෝධ් රෝපණ අවස්ථාවේ ඉන් අංකුර අටක් ආශ්චර්යමත් ලෙස පැන නැගුණ බව ද ජල සැපයුම සඳහා තිසා වැවේ සිට ජල මාර්ගයක් වු බව ද ජලය රැස් කිරීම ලෝවාමහාපාය අසල පොකුණක් වු බව ද මහා වංශයේ සඳහන් වේ.බෝධි රෝපීත සතරැස් මලුව වටා සතර දිසාවට දොරටු ඇති ප්‍රාකාරයක් ද පළමුව සලපතල මලුව ද දෙවනුව වැලි මලුව ද විය. පසුකල දකුණු දොරටුවේ ශිලා සිංහමතයක් හා සිව් කොනේ ධර්ම චක්‍ර යෙදු කුලුණු සතරක් විය.(ක්‍රි.ව 560-564) මහානාග රජතුමා මලුව වටා දිය අගලක් තනා ඇත. බෝධි මලුව වටා දැන් දක්නට ඇති පවුර කීර්ති ශ්‍රි රජසිංහ (ක්‍රි.ව 1747-1782) සමයේ බෝධිභාරකාරත්වය දෑරු ඉලුපැන්දෙණියේ නම් (අත්තදස්සී) හිමියන් විසින් අවට ස්මාරක වලින් ගෙනා ගලුකණු වලින් නිම වුවකි. උතුරේ සිට නැගෙනහිරට අඩි 360 ද නැගෙනහිර සිට බටහිරට අඩි 270 ක් වන මෙහි ඝණකම අඩි පහකි.

බෝධිය හා සම්බන්ධ ගෘහ නිර්මාණ අංශය බෝධිඝරයයි. ආරම්බයේ සිට විවිධ රජවරු විවිධ එකතුවීම් කරමින් ප්‍රතිසංස්කරණය කර ඇත. ශ්‍රි මහා බෝධීන්වහන්සේ බෝධිඝරයට ජෙඨිටාතිස්ස රජතුමා (ක්‍රි.ව 267-276) තොරණ 03ක් ඉදිකර ඇත. ධාතුසේන රජු (ක්‍රි.ව 461-479) ද දේවන සේන රජු ද (ක්‍රි.ව 866-901) එය ප්‍රතිසංස්කරණය කළත් අද දක්නට නැත. චීන ජාතික පාහියං හිමියන් පිළිමයක් සහිත විහාර ගෙයක් තිබු බව සඳහන් කරයි.බෝධිය වඩමවන විට පැමිණි ශ්‍රේණි දහඅටක ශිල්පීන් බෝධීය සම්බන්ධව විවිධ රාජකාරී වල නිරත වුවා. සිංහල බෝධී වංශය පදනම් කරගෙන 10 වන සියවසයේදී උපතිස්ස හිමියන් පාලි බෝධි වංශය ලියා ඇත. එය පදනම් කරගෙන බෝධීවංශ ටිකාව පාලියෙන් ලියා ඇති අතර ගැටපදයක්ද ,පරිකථාවක් ද අනුවාදනයක් ද සන්නයක් ද පසුව ලියා ඇත. දඹදෙණි යුගයේ ගුරැලුගෝමීන් ලියු ධර්‍මප්‍රදීපිකාව බෝධිය මුල්කොට ලියු ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති කුරැණැගල සමයේ දී සරණංකර හිමියන් හයට මධුරාර්ථ ප්‍රකාශනය නමින් සන්නසක් ලියා ඇත. බෝධීන් වහන්සේ පොලෝ මට්ටමින් අඩි 21ක් ඉහලින් දිගින් අඩි 71ක් හා පළලින් අඩි 57 ක් වු වේදිකාවක පිහිටා ඇත. පරිවාර බෝධීන් 41 කි. මලු ඇමදීම මල් ආසන හා විහාර ගේ පවිත්‍ර කිරීම බුද්ධ පුජා ආදිය දෛනික පුජාවෝය. අලුත් සහල් මංගල්‍යය හා නුමුර මංගල්‍යය පැරණි අවුරුදු මංගල්‍යය කාර්තික මංගල්‍යය ආදිය වාර්ෂික පුජාවෝය.

02. රුවන්වැලි මහා සෑය

ලක්වැසි ‍බෞද්ධයන්ගේ අති පුජනීයතම දාගැබ වන්නේ රුවන්වැලි මහා සෑයයි. ස්වර්ණමාලී , හේමමාලී, රත්නමාලී, මහාථුප ,ඌරුචේති යන නම් වලින් හැදින්වෙන මෙය මහා විහාර පාර්ෂවයේ ප්‍රධාන චෛත්‍යයි. ඊජිප්තුවේ පිරමිඩි වලට පසුව ක්‍රි.පු 2 සියවසේදී ලෝකයේ තනා ඇති විශ්ෂ්ට නිර්මාණයකි. මේ ඉදිකිරිම් පිළිබඳ පැහැදිලි විස්තර මහාවංශයේ හා ථුපාවංශයේ දැක්වේ. මිහිදු මාහිමියන් දේවානම් පියතිස්ස රජතුමාට මේ ස්ථානය සලකුණු කොට දී තිබුණ බවත් මෙහිදි විසාල තෙළෙඹු ගසක් කපා එහි වැඩසිටි වෘක්ෂ දේවතාවියගේ නම් වු ස්වර්ණමාලී යන නාමය මෙම සෑයට තැබු බවත් කියවේ. අත්තිවාරමම අඩි 17.5 ක් ගැඹුරු විය. අත්තිවාරම දැමීම පිළිබද මහා විස්තරයක් වංශ කථාවල දැක්වේ. මෙය ඉදිකිරීමේ ඉංජිනේරැමය උපදෙස් දීමට ඉන්ද්‍රගුප්ත මහ තෙරණුවන් ප්‍රමුඛ භික්ෂුන් 26 නමක් වු බව කියවේ. පාදයේ විශ්කම්භය අඩි 340ක් පමණ ද උස අඩි 300 ක් පමණ ද විය. දුටුගැමුණු රජතුමාට වැඩ අවසන් කරන්නට නොහැකි වු අතර දේවානම් පියතිස්ස රජතුමා වැඩ අවසන් කොට ඇත. ඉන්පසු විවිධ රජවරැ විවිධ ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු කරඇත. ක්‍රි.ව 1873 දී නාරංවිට සුමනසාර හිමියන් මේ ස්ථානයට පැමිණෙන විට එකම පස්ගොඩක් වුබව සඳහන් වේ. මහත් කැපවීමේන් මේ ස්ථානය දියුණු කිරීමට කැප වු උන්වහන්සේ 1902 දී රැවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය ඇරඹුහ. සෑයේ වැඩ අවසන්කොට කොත් පළඳවන ලද්දේ 1940 දී ධතුන්වහන්සේලා විශාල ප්‍රමාණයක් නිදන් කොට ඇති වාහල්කඩ සතරක් ඇති මේ සෑයේ විශ්කම්භය අඩි 942 ක් ද උස අඩි 338 ක් ද වේ. අතීතයේදී පාත්‍ර තිබුණත් දැන් ඇති චෛත්‍යයේ පාත්‍ර වෙනුවට ඇති කොත අඩි 24ක් උසය. වැලි මලුවේ සිට සලපතල මලුවත් සමග සෑය ඔසවා ගෙන සිටින ආකාරය පෙන්වන ඇත්පවුරකිත පැත්තක ඇත්රෑප 475 බැගින් 1900 ක් වේ. මලුවේ ඇති ප්‍රතිමා මන්දිරයේ මේ කල්පයේදී බුදු වු බුදුවරැන්ගේ හා මෙතේ බෝසතුන්ගේ රෑපය ඇති අතර සෑයේ ආකෘතිය දක්වා ශෛලමය කුඩා සෑයක් (දුටු ගැමුණු රජතුමාගේ ප්‍රතිමාවක්ද වේ)

03. ථුපාරාමය

මිහිදු මාහිමියන් ලක්දිව බුදු සමය හදුන්වා දී මෙහි ඉදිකළ පළමු සෑය ථුපාරාමයයි. බුදුන්වහන්සේ ගේ අකුධාතුව තැන්පත් කොට දේවානම් පියතිස්ස රජතුමා ධාන්‍යකාරයෙන් ගොඩනැගු මෙම දාගැබ‍ට වසභ රජතුමා (ක්‍රි.ව 65-109) වටදාගෙයක් කළ බව දැක්වේ. ස්ම්දර් මහතාගේ වාර්තාවේ ගල්කණු පේලී හතරේ ගල්කණු 176 ක් වු බව සඳහන් වේ. පොළොව මට්ටමින් අඩි 11 අඟල්

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: