දකුණු පළාත


01.දෙවිනුවර (දෙවුන්දර)

ලක්දිව දකුණේ අන්තිම කෙළවරේ වු දකුණු තුඩුවේ මාතර නගරයෙන් කි.මී 4 ,1/2 ක් දුරින් පිහිටා ඇත. මෙම නගරයේ ආරම්භකයා ක්‍රි.ව 659 දී රජ බවට පත් වු දප්පුල රජුය. ස්වාභාවික ආරක්ෂක ස්ථානයක් ලෙස සැලකිය හැකි මෙහි නගරය ඉදිකළ රජතුමා ලක්දිව ආරක්ෂක සේවතාව ලෙස සලකන උප්පලවර්ණ දේව රූපයක් කරවා දේවනගරයක් යයි නම් කර ඇත. පැරකුම්බා සිරිතක් උපුල්වන් දෙවියන් කිහිරිකදකට අරක්ගෙන  මුහුදේ පාවී දෙවිනුවර සිංහාසන වැල්ලට ගොඩගැසු බවත් රජතුමා එයින් උපුල්වන් දෙවි ප්‍රතිමාව කර දේවාලයේ තැන්පත් කළ බවත් සදහන් වේ. මහනුවර විෂ්ණු දේවාලයේ ඇත්තේ මෙම ප්‍රතිමාව යයි කියනු ලැබේ. පරණවිතාණ මහතාගේ මතය වන්නේ මීට කි.මී ½ ක් උතුරින් ඇති “ ගල්ගනේ”  නම් ගොඩනැගිල්ල උපුල්වන් දේවාලය බවයි. කුඩා කදුගැටයක පිහිටි මෙහි ඇති ගල්ගෙය පැරණි දේවාල සම්ප්‍රදායට ගල්පුවරු යොදා දිගින් අඩි 26 ක්ද පළලින් අඩි 16 ක්ද ,උසින් අඩි 12ක් ද වනසේ සෑදුවකි. අනෙක් දේවාල හෝ කෝවිල් මෙන් ඉන්දියානු කිසිදු සම්ප්‍රදායකට අයත් නොවුවකි. මධ්‍යතන යුගයේ දී උපුල්වන් දෙවි විෂ්ණු බවට පත්විය.

දෙවිනුවර පළමුවෙන් තනතලද්දේ කිහිරැලි වෙහෙර බව මහා වංශයේ සදහන් වේ. කිත්තග්ගබෝ ඈපා විසින් 8-9 සියවල පිහිට වු සෙල්ලිපියේ ඇත්තේ කිහිරැලි වෙහෙර ගැන මිස දේවාලයක් ගැන නොවේ. මධ්‍යතන යුගයේ දීප්තිමත් අධ්‍යාපන ආයතනයක් වු ගලතුරුමුල නමි පිරිවෙන මේ නගරයේ පිහිටා තිබුණි. වත්මන් පරම විචිත්‍රාරාම විහාරය පිහිටා ඇත්තේ එම භුමීයේය. පැරණි විහාරාරාම ගොඩනැගිලි සමුහයක නටබුන් රාශියක් මෙහි දක්නට ඇත. දෙවිනුවර අද දක්නට ඇති බුබ්බුලාකාර දාගැබ දප්පුල රජතුමා ඝටාකාර ක්‍රමයට තැනු දාගැබය. ඇතුල්වන ස්ථානයේ ඇති අඩි 7 අගල් 5ක් උස පළල අඩි 4ක් වු කිඹිසි මුහුණ සහිත මකර රුවකින් යුත් සෙල්මුවා උලුවස්ස වටිනා නිර්මාණයකි.

දේවාලය හා විහාරය පෘතුග්‍රීසීන් කොල්ලකා විනාශ කොට එහි පල්ලිය සාදා ඇත. II වන රාජසිංහ රජතුමා එය කඩා දමා දේවාලයක් තනා ඇත. එම ස්ථානයේ අද ඇති දේවාලය සබරගමුව දේවාල සැලැස්ම අනුව බස්නායක නිලමේ වු නීතිඥ විජේතුංග මහතා ඉදිකළ එකක් වර්තමානයේ දෙවිනුවර විශ්ණු දේවාලය නිසාම කැපී පෙනෙන නගරයක් වී ඇත.

02.වැලිගම කුෂ්ඨරාජගල

වැලිගම අග්‍රබෝධි විහාරයේ ඉදිරිපිට ගලෙන මතුකළ අඩි 12 ක් පමණ වු ප්‍රතිමාවකි. පුරාවිද්‍යාඥයින් අවලෝකිතේශ්වර නාථයයි හදුන්වන මෙය සාමාන්‍ය ජනයා කුෂ්ඨරාජ ගල යයි කියයි. දකුණු අත විතර්ක මුද්‍රාවෙන්ද වමත කටක මුද්‍රාවෙන් යුත් රජෙකු මෙන් පෙනෙන මෙහි විශේෂ ලක්ෂණය මකුටයේ බුද්ධරූප 4ක් දක්නට ලැබීමයි මෙවැනි ප්‍රතිමාවක් තිරියායෙන් ද හමු වී ඇති නිසා මෙය අවලෝකිතේශ්වර ගේයයි අනුමාන කෙරේ. 4 අග්බෝ රජු කුෂ්ඨයකින් පෙලුණු බවත් එය සුවපත් කරගැනීමට මෙය කලබවත් සැලකේ. මහායාන මතය අනුව සිංහනාද අවලෝ‍කිතේෂ්වර කුෂ්ඨ සුවකිරීමේ බලයක් ඇත්තෙකි. ඒ අනුව 4 අග්බෝ රජු අටවන සියවසේ දී මෙය කරවන්ට ඇතැයි සැලකේ.

03.වැලිගම අග්‍රබෝධි විහාරය

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගරයේ පිහිටි අග්‍රබෝධි විහාරය සිංහල බෝධි වංශයේ සඳහන් වන ආකාරයට දෙතිස් ඵලරෑහ බෝධීන්ගෙන් එකක් රෝපීත දේවානම්පියතිස්ස රජ සමයට අයත් ‍‍ඓතිහාසික පුද බිමකි. පොලොන්නරු, ගම්පොල සහ කෝට්ටේ රාජධානී වල රජවරැන් විවිධ ඉදිකිරීම් කළත් පෘතුගීසීනගේ කොල්ලකෑමට ලක්ව විනාශ වී ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව 1747-1782) සමයේ අගලකඩ ධම්මරක්ඛිත හිමියන් දිගින් රියන් 21 ක්ද පලලින් රියන් 15 ක්ද වන දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස මෙම විහාරය කරවා ඇත. විහාර ගෙයි බිත්ති නුවර යුගයේ චිත්‍ර වලින් යුක්තය.

04.මුල්කිරිගල රජමහා විහාරය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්තේ සිට වීරකැටිය දෙසට කි.මී 5ක් පමණ ගියවිට මුල්ගිරිගල හමුවවේ. බ්‍රහ්මී අක්තෂර වලින් යුත් ලෙන් කිහිපයක් නිසා මෙහි ඉතිහාසය ක්‍රී.පුර්ව යුගයට අයත් වෙි. මෙහි පැරණි නම “මුහන්ද්ගිරි” නම් වෙයි. මෙහි මුදුනට නැග ඈත බලන විට මුහුද පෙනේ. කාවන්තිස්ස රජතුමා ඉදිකල “සිමුද්දගිරි” විහාරය මෙය බවට අනුමාන කෙරේ.

මෙම රජමහා විහාරය පාතමලුව , බෝමලුව , චෛත්‍ය මලුව උඩ බෝ මලුව ලෙස කොටස් පහකි. අඩි 350ක් පමණ උස් වු මනරම් භුමීයක් වු මෙහි කටාරම් කෙටු ගල්ලෙන් 25ක් පමණ වේ. බෝමලුව විහාරයේ දහඅටරියන් බුද්ධ ප්‍රතිමාවක් ඇත. රජමහා විහාර මලුව නම් විහාරය අසල ඇති ශිලා පොකුණ පතුලේ ඇති ගීය 8-9 සියවස් වලට අයත් සේ සැලකේ. මෙම ගල් ගුහාවේ පිරිවෙන් විහාරයේ රජමහා විහාරය , පරණ විහාරය සහ නාග විහාරය කියා 04ක් ඇත. පිරිවෙන් විහාරය රන් පිළිමයක් හා රත් හදුන් පිළිමයක් ඇත. දෙතිස්වල රුහ බෝධී වලින් එකක් රෝපිත ස්ථානයකි විහාර බිත්ති වල චිත්‍ර රෝහණ පෙදෙසට ආවෙණි කලා සම්ප්‍රදායක් නිසා මුලිකිරිගල වඩාත් වැදගත් වේ. ජාතක කථා චිත්‍ර වලට අමරතරව නවග්‍රහ මණ්ඩලය , රාක්ෂ රූප ආදිය චේ. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයෙකු වු වටරක්ගොඩ ධම්මපාල තෙරැන් මේ ස්ථානය දියුණු වට කටයුතු කර ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු පුජා කළ රන් පළිම දෙකක් ඇත් දළ යුවලක් හා චාමර දෙකක් දැනුත් සුරක්ෂිතව ඇත.

05.නයිගල රජමහා විහාරය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රන්න-වීරකැටිය මාරෟගයේ කි.මී 12.8 ක් ගියවිට නයිගල රජමහා විහාරය මුනගැසේ. දේවානම්පියතිස්ස රජුගේ බාල සොහෝයුර මහානාග රජු සමයේ නියගයක් වු බවට රජු සක්මන් කරමින් සිටින විට සුදු නාගයෙකු පෙනෙන්නට විත් යන විට රාජපුරැෂයන් උෟ පසුපස ගොස් බලන විට ස්වභාවික දියපිරැණු විලක් ලඟ සිටිනු දැක රජුට දැන් වු පසු එය පදනම්කරගෙන විහාරයක් කළ බව ජනප්‍රවාදවල සඳහන් වේ. නාගරෑපයක් කෙටු පුරාණ පොකුණ අදත් දක්නට ඇත. 1920 දී මෙහි තිබී අඩි 23 ක් පමණ  දිග නයි හැවක් හමු වී ඇත. ජනතා විශ්වාසය මේ විහාරය නිගයින් ආරක්ෂා කරන බවයි.       චතුරස්‍රකාර ආසන සරයක නටබුන් අනුව ප්‍රතිමා නිර්මානයට පෙර ඉදිකල විහාරයක් බව පෙනේ. “පඥචාවාස” ක්‍රමයේ ගොඩනැගිල්ලක නටබුන් හා බුම්බුලාකාර දාගැබක නටබුන් ඇත. මහානාග රජු සර්වඥධාතු තැන්පත් කල කිරිගරුඩ කරඩුව , රහතුන් පරිහරණය කල ඇත් දත් කැටයමින් යුත් වටාපත රාජ්‍ය නිල ඇදුම් ආදිය මෙහි ඇත. පැරණි පුස්තක තැන්පත් කල පොත් ගුලක් ද ඇත.

06.රොටබේ බුදුගල විහාරය

මාතර ඌරූබොක්ක පාරේ පස්ගොඩ මංසන්ධියෙන් හැරී කි.මී 7ක් පමණ ගම්සභා පාරේ ගිරිදුර්ගයක් පසුකොට ගියවිට ඉසුරැමුණියේ ස්වරූපය දරණ රමණීය තල හමුවේ. අඩි 40ක් පමණ දික් වු කටරම්කෙටු ගල්ලෙනේ පැරණි ප්‍රතිමාවක පාදයේ කොටසක් දක්නට ඇත. බ්‍රහ්මී අක්ෂරවලින් යුත් සෙල්ලිපියේ “දෙදාසමහරනලෙනෙ” යයි සඳහන් ව ඇත. මෙයින් පෙනෙන්නේ ක්‍රි.පුර්ව යුගයේ දී මේ ප්‍රදේශයට බුදු දහම ලැබුණු බවයි.

07.කසාගල රජමහ විහාරය

හමිබන්තොට දිස්ත්‍රික්කයේ අග්‍රණ කොළ පැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩයාල ල්‍රාමමස්වා වසමේ රන්න-වීරකැටිය මාර්ගයේ කි.මි 9ක් දුරින් මෙය පිහිටා ඇත. 2 වන සියවසයට අයත් සෙල්ලිපියක මේ ස්ථානය හදුන්වන්නේ කඩගල් ලෙසයි. විහාරයේ ප්‍රධාන ගොඩනැගිලි ශෛලමය වේදීකාවක් මත තනා ඇති ගොඩනැගිලි පහක නටබුන් ඇත. අලුත් විහාරය තනා ඇත්තේ පැරණි ප්‍රධාන ගොඩනැගිල්ලේ මණ්ඩලය මතයි. අනුරපුර මුල් යුගයට අයත් කැටයම් රහිත සඳකඩ පහනක් හා මුරගල් දෙකක් ද තවත් ගොඩනැගිලි 21 නටබුන් ද ඇත. දළදා මැදුරක් පැවති බවට කටකථා ඇතත් ඉතිහාසයඥයන් සලකන්නේ මාණික්‍යමය දළදා අනුරැවක් වු බවයි. විශ්මිත ශෛලමය ප්‍රාකාරයක් ඇත. ගලමුදුනේ බුම්බුලාකාර සෑය දේවානම්පියතිස්ස රජු ඉදිකළැයි සැලකේ. තලමුදුනේ ස්වභාවික පොකුණු දෙකකි. පහල සෑය සද්ධාතිස්ස රජු ඉදිකළ බව සැලකේ. මෙහි ඇති පුරා වස්තු අතර රුවන්මය දළදා අනුරුව රන් පිළිමය ද කීර්ති ශ්‍රි රාජසිංහ රජු පුජාකළ පුජා භාණ්ඩ ද ලජමන්නෝනාගේ ලියා වු ගජමන් ආච්චිගේ ගමන් දෝලාවද මෙහි තිබේ.

08.ගිරිගඩු සෑය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට පුල්යාය හා කලුවාවිල ග්‍රාමසේවා වසම් වලට යාව වළවේ දකුණු ගං ඉවුරේ මේ පැරණි පුඳබිම පිහිටා ඇත. කාවන්තිස්ස රජ සමයේ රුහුණු ප්‍රාදේශිය රාජ්‍ය හතරකින් සමන්විතය. සේරි , මානමුලු , සෝම හා ගිරි ඒ හතරයි. ගිරි රාජ්‍ය ප්‍රධාන ආගමික මධ්‍යස්ථානය මෙය විය. “ගිරිගඩු” නමින් විහාර ස්ථාන දෙක් දක්නට ඇත. අනෙක ත්‍රිකුණාමලයට උතුරින් මුහුදු තෙර පිහිටි කිරියාය ගිරිගඩු සැයයි. මහදාඨික මහානාග රජු ගිරිභාණ්ඩ මහ පුජාව පවත්වා එය සැමරිමට මේ විහාරය කල බව වංශ කථාවල දැක්වෙයි. සමරවිට එම පුජාව කළේ මෙහිදි විය හැක.

අවලෝකිතේෂ්වර නාථගේ ශිර්ෂයද සිද්ධාර්ත කුමරැගේ අභිනිෂ්ක්‍රමනය දැක්වෙන කිරිගරුඩ ඵලකයක්ද මෙහි ඇති පුරා වස්තුයි. කේශධාතු නිධන් කළ සැයක් වු බව ජනප්‍රවාදවල එයි.

 

09.රම්බා විහාරය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඇඹිලිපිටිය මාර්ගයේ කි.මී 11.2 ක් දුරින් වලවේ ගං ඉවුරේ පිහිටා ඇත.මානවුලු පුරය ලෙස පැරැණි ලේඛණ වල සඳහන් වන “මහානාගහුල” නම් වු රම්බා විහාරය මැදිකොට ගත් ප්‍රාදේශිය කිර්තී කුමරු හෙවත් විජයබාහු රජු සොළීන් පන්නා පොළොන්නරැව අල්ලා ගන්නා තෙක් කඳවුරැ ප්‍රාදේශිය ලෙස යොදා ගෙන ඇත.

පුරා විද්‍ය කැණීම් වලින් අවුරැදු 2000කටත් වඩා පැරණි වලංකැබලි , උලු හා නටබුන් හමු වී ඇත. නටබුන් බොහෝමයක් අනුරාධපුර යුගයට නෑකම් කියයි.

10.වටගෙදර පුරාණ ටැම්පිට විහාරය

මාතර නාදුගල මං සන්ධියේ සිට කි.මි 2ක් පමණ අත්තුඩාව දෙසට ගමන් කළ විට වම්පසින් කි.‍මි ¼ ක් පමණ දුරින් මේ විහාරස්ථානය පිහිටා ඇත. පිටමාලය පිහිටි පොළොවේ තනා ඇත.ඇතුල් මාලය ටැම්මත පිහිට වු දැව තට්ටුවක් මත ඉදිකොට ඇත. නවරියන් සැතපෙන පිලිමයේ හිස කදේ ප්‍රමාණය අනුව විශාලය. පිළිමයේ දෙපසින් දේවරූප දෙකක් ද ශ්‍රාවක රූප දෙකක් ද වේ. ච්ත්‍ර සමුහයක් ද වෙයි. මහනුවර යුගයේ පහත රට කලා සම්ප්‍රදායන් හදුනා ගැනීමට වැදගත් වේ.

11.කිකිණි රජමහා විහාරය

 

වැල්ලවාය තණමප්විල පාරේ 46 වන සැතපුම් කණුව අසල කිරිදිඔය අසල පිහිටි පෞරාණික ස්ථානයකි. පාරේ සිට අඩි 300 ක් පමණ දුරින් සෑය පිහිටා ඇත. මාලතුනකි. පිට මාලයේ බැම්ම ගොඩනැගිලි කීපයක් ඉදි කිරීමට හැකිවන සේ සකසා ඇත. සෑය පිටිපස පිළි ගෙයක නටබුන් දක්නට ඇත.

12.බුදුරුවගල

වැල්ලවාය නගරයේ සිට තණමල්විල පාරේ 48 වන සැතපුම් කණුව අසලින් හැරී සැ.4ක් පමණ ගියවිට මොණරාගල දිස්ත්‍රික්කයට අයත් මේ ස්ථානයේ මුන ගැසේ. අඩි 70ක් පමණ පලල් වන ගල් බිත්තියේ උස කොටසේ අඩි 50ක් පමණ වන අභය මුද්‍රාවෙන් යුත් බුද්ධ ප්‍රතිමාව අඩක් මතු වනසේ නෙළා හුණුබදාමයෙන් සම්පුර්ණකර තිබුන බව පෙනේ. මේ ක්‍රමයට නිර්මාණ කිරීම චිත්‍රභාස සම්ප්‍රදාය ලෙස හැදින්වේ. බදාම සහ සායම් දැන් නැත. ලංකාවේ ඇති උසම ශෛලමය ප්‍රතිමාවයිත බුද්ධ ප්‍රතිමාව දෙපසින් බෝධිසත්ව රුප දෙකකි. දකුණු පස රූපය අවපලා්කිතේශ්වර බෝධිසත්ව ලෙසත් වම්පස රූපය මංජු ශ්‍රී බෝසතුන් ලෙසත් සැලකේ. 9-10 වැනි සියවස්වල මහායාන ථෙරවාද මිශ්‍ර ශෛලියකින් බිහි වු නිර්මාණ ලෙස සැලකේ. පර්වතයේ ඇති සිදුරැවලින් පියස්සක් තිබුණු බවට අනුමාන කරයිත නාත කොටුවක හා දාගැබක නටබුන් ද දක්නට ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: